26 C
Colombo
Wednesday, October 4, 2023

පකිස්තානයත් ලංකාවේ මඟම යන බවට හෙළිදරව්වක්

- Advertisement -

විදේශ විනිමය සංචිත ක්ෂයවීම සහ පෙර නොවූ විරූ ලෙස දේශීය මුදල් අවප්‍රමාණය වීමත් සමඟ පාකිස්තානයේ ආර්ථිකය ශ්‍රී ලංකාවේ රටාව අනුව පිරිහෙමින් පවතින බවට ප්‍රමුඛ පෙළේ ආර්ථික විශ්ලේෂකයන් ගණනාවක් අනතුරු අඟවා තිබේ.

මේ වන විට පකිස්තානය තුළ මධ්‍යම ආණ්ඩුව නිසි ලෙස ක්‍රියාත්මක නොවන බැවින් පාකිස්තානයේ ආර්ථිකය තවදුරටත් කිසිවෙකුගේ රේඩාර් පද්ධතියකට හසු නොවන පාලනයෙන් ගිලිහුණු සුක්කානම රහිත නෞකාවක් බවට පත්ව ඇතැයි ඔවුහු පවසති.

එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්වචනයට අනුව, ෆෙඩරල් රජයක් අගමැති සහ ෆෙඩරල් කැබිනට් මණ්ඩලයකින් සමන්විත වන නමුත් දැනට මේ කිසිවක් නොමැති බැවින් ක්‍රියාකාරී රජයක් ඉස්ලාමාබාද්හි නැතැයි එම ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.

බ්‍රහස්පතින්දා නිකුත් කරනු ලැබූ නවතම සංඛ්‍යාවලින් පෙන්නුම් කරන පරිදි පාකිස්තානයේ රාජ්‍ය බැංකුවේ (SBP) විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 11 දක්වා තවදුරටත් පහත වැටී තිබේ.

නිල දත්ත පෙන්නුම් කරන පරිදි 2021 අගෝස්තු මාසයේදී එරට රාජ්‍ය බැංකුව සතු විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 20.073 ක් වූ නමුත් 2022 මාර්තු 25 වන දින වන විට එය ඩොලර් බිලියන 12.04 දක්වා අඩු වූ අතර ඒ අනුව මාස නවයක් තුළ පමණක් ඩොලර් බිලියන 8 ක පහත වැටීමක් සිදුව ඇත.

RECENT ARTICLES - SINHALA

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

දරුවන් සිඟමනට යොදා ගැනීම වළක්වන්න කමිටුවක්

දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...