29.5 C
Colombo
Wednesday, July 9, 2025

ඉලෝන් මස්ක් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගනී

- Advertisement -

මේ වන විට ලොව ධනවත්ම පුද්ගලයා ලෙස හැඳින්වෙන ඉලෝන් මස්ක් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය නිල වශයෙන් මිලදී ගෙන තිබෙනවා.

තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීම වෙනුවෙන් සිදු වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 44ක ගණුදෙනුවකින් එය අවසන් වූ බවයි.

පසුගිය අප්‍රේල් මාසයේ දී පළමුවරට ඉලෝන් මස්ක් විසින් ට්විටර් සමාගම ඩොලර් බිලියන 44කට මිලදී ගැනීමට සුදානම් වූ නමුත් එහි කොටස් සම්පුර්ණ කිරීමට සහ විවිධ නීතිමය බලපෑම් හේතුවෙන් එය ප්‍රමාද වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉලෝන් මස්ක් බහුතර කොටස් සියල්ල මිලදී ගෙන එම ගණුදෙනුව අවසන් කර ඇති බවයි.

කෙසේ වෙතත් සමාගමේ අයිතිය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඉලෝන් මස්ක් විසින් එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ ප්‍රධාන මුල්‍ය නිලධාරියා සේවයෙන් ඉවත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්වුණා. ඒ...

වතුර පරිස්සමින් පාවිච්චි කරන්න

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව...

නවකවධය වැළැක්වීමට නිර්දේශ රැසක්

විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නිර්දේශ කිහිපයක්   ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නවකවධය පිළිබඳ සිදුවීම් වාර්තා කිරීම සඳහා පැය...

POPULAR ARTICLES

ඉන්දියාවේ පාලමක් කඩාවැටී පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර 40ක් පැරණි මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමග ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක්...