24 C
Colombo
Monday, December 11, 2023

බලශක්ති අමාත්‍යංශයේ ණය පියවීම සඳහා රුපියල් බිලියනයක ණයක්

- Advertisement -

ඉන්ධන මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු දෙකකින් ලබා ගත් ණය සඳහා පොලී ගෙවීම වෙනුවෙන් පෞද්ගලික ණය දෙන ජ්‍යාත්‍යන්තර ආයතනවලින් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට රජය තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාව විසින් මහජන බැංකුව සහ ලංකා බැංකුව වෙත ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 2081 ක පොලී මුදල ගෙවීම සඳහා අදාළ අරමුදල භාවිතා කරන බව අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා මහත්මිය සඳහන් කර ඇත.

එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීම සඳහා දැනටමත් අමාත්‍යාංශය ණය දෙන ආයතනවලින් ඉල්ලීම් 9 ක් සිදු කර ඇති බවයි එම පුවත්පත වාර්තා කරන්නේ.

මෙම යෝජනා ඇගයීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුවට අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා, භාණ්ඩාගරයේ නියෝජ්‍ය ලේකම් සමන් ප්‍රනාන්දු ,ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ බුද්ධික රුවන් මඩිහහේවා යන මහත්ම මහත්මීන් ඇතුළත් වේ.

ඒ සඳහා ඇගයීමේ ක්‍රියාවලිය ඉදිරි සතියේ ඇරඹීමට නියමිතය.

RECENT ARTICLES - SINHALA

කුරුණෑගල පාසලක සියලුම සිසුන් සාමාන්‍ය පෙළ අසමත් වෙලා

කුරුණෑගල අධ්‍යාපන කලාපයේ ඇති පාසලක සාමාන්‍ය පෙළට ඉදිරිපත් වී ඇති සිසුන් 17දෙනකු විභාගය අසමත්වී තිබෙන බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ආණ්ඩුකාරවරයා...

වැට් බදු පනත් කෙටුම්පත අද යළිත් පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන...

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...