පවත්තා තත්ත්වයෙන් ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කළහොත් තමන් ඇතුළු ආණ්ඩුව බලයට පත්කල පාර්ශවයන් හට මහා කැරැල්ලකට මුල පිරීමට සිදුවන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කරනවා.
කේලම් බස් අසා පුද්ගලයින් මාරු කරන තත්ත්වයකට මේ වන විට ආණ්ඩුව පත්ව ඇති බවත්, ඒ අනුව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තණකොළ කැපීමටද වෛද්‍ය අමල් හර්ශ මහතා පුන්නක්කු දියකිරීමට යොදා ඇති බවත් උන්වහන්සේ මාධ්‍ය අමතමින් සදහන් කළා.
මේ පිළිබදව අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතාගෙන් කල විමසීමේදි ඔහු නිරුත්තර වූ බවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවා.
වර්තමාන ආණ්ඩුව පිළිබදව කළ නොකිරුණු පුද්ගලයෙක් සොයාගැනීමට නොහැකිවීම කිසාගෝතමියට කිසිවෙකුත් නොමළ ගෙයකින් අබ මිටක් සොයාගැනීමට නොහැකිවීමට සමාන යැයිද උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළා.