29 C
Colombo
Sunday, May 5, 2024

වීසා කාලය ඉක්මවූ විදේශිකයන්ගෙන් අය කරන දඩ මුදල පහළට

- Advertisement -

වීසා කාලය ඉක්මවා ඇති විදේශීකයින්ගෙන් වීසා ගාස්තුවලට අමතරව අතිවාස කාලසීමාව සදහා අය කරනු ලබන දඩ මුදල අඩු කිරීමේ නියෝගවලට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදි මෙම අනුමැතිය හිමිව තිබෙන බව සඳහන් වෙනවා.

ඒ අනුව වීසා කාලය දීර්ඝ කරගැනීමකින් තොරව වලංගු වීසා කාලසීමාව ඉක්මවා දින 7ක් හෝ අඩු කාලයක් තුළ රටින් පිටවන විදේශීකයින් සඳහා දඩ මුදල් අය නොකිරිමට තීරණය කර තිබෙන අතර අතිවාස කාලසීමාව දින 7කට වැඩි සහ දින 14ක් හෝ ඊට අඩු කාලසීමාවක් සදහා අමෙරිකානු ඩොලර් 250ක මුදලක් අය කිරීමටත් අතිවාස කාලසීමාව දින 14කට වැඩි කාලසීමාවක් සදහා අමෙරිකානු ඩොලර් 500ක දඩ මුදලක් අය කිරිමටයි ප්‍රතිපාදන සකස් කර තිබෙනවා.

ආයෝජකයින් ආකර්ශනය කරගැනීම සහ මෙරට තුළ ක්‍රියාත්මක විදේශ දූත මණ්ඩලවල සේවයේ නියුතු නිලධාරීන් හට දඩ මුදල් ගෙවීම හේතුවෙන් සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන මෙම සංශෝධන සිදුකර තිබෙන බව සඳහන් වෙනවා.

වලංගු වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් වීසා ගාස්තු වලට අමතරව අතිවාස කාල සීමාව සඳහා මීට පෙර අමෙරිකානු ඩොලර් 500ක මුදලක් අයකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...