28.2 C
Colombo
Saturday, April 27, 2024

ක්‍රිකට් පිටියට පැමිණි ස්මාර්ට් පන්දුව

- Advertisement -

ක්‍රිකට් පිටියට නව නිපැයුමක් ලෙස ස්මාර්ට් පන්දුවක් එක්ව තිබෙනවා.

සාම්ප්‍රදායික ක්‍රිකට් පන්දුව වෙනුවට ‘සපොර්ට්කොර්’  සමාගම සහ ‘කොකබුරා’ සමාගම එක්ව නිපදවා ඇති මෙම ස්මාර්ට් පන්දුව මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL 2021) තරගාවලිය සඳහා භාවිතා කිරීමට අපේක්ෂිත බවයි වාර්තා වීමත් සමඟ මීට විශේෂ ජාත්‍යන්තර අවධානයක් හිමිව තිබෙනවා.

Kookaburra smart ball
Kookaburra smart ball

මෙම පන්දුව තුල සවිකර ඇති ඉලෙක්ට්‍රොනික පරිපථය සහ එහි සංවේදක මගින් පන්දුවේ වේගය, පන්දුව කැරකෙන වට ගණන මෙන්ම පන්දුවෙන් ජනනය කරන බලය ද ඒ මොහොතේම ගණනය කර එම තොරතුරු පරිගණකයක්, ස්මාර්ට් දුරකතනයක් හෝ ස්මාර්ට් ඔරලෝසුවක් ඔස්සේ නිරීක්ෂණය කළ හැකියි.

පරිඝණක හෝ ජංගම දුරකථන යෙදවුමක් මගින් තොරතුරු ලබා ගැනීම සක්‍රිය කළ හැකි අතර පන්දුව යොමු කිරීමෙන් අනතුරුව තත්වපර 5ක් වැනි කෙටි කාලයකදී සියළු තොරතුරු ලබාදීම මෙහි විශේෂත්වයක්.

කෙසේ නමුත් මෙම ස්මාර්ට් පන්දුවේ හැසිරීම සාමාන්‍ය පන්දුවකින් වෙනස් නොවන නිසා එය තරඟය සඳහා බලපෑමක් නොකරන බවයි කොකබුරා සමාගම පවසන්නේ. එමෙන්ම, මේ හරහා ක්‍රිකට් විශ්ලේෂකයින්ට වැඩි වාසියක් සැලසෙන බවත් ඔවුන් පවසනවා.

කෙසේ නමුත්, මෙහි අභ්‍යන්තරයේ ඇති බැටරිය නැවත ආරෝපණය කළ නොහැකි වීමත් එහි ආයු කාලය පැය 30ක් පමණ වීමත් මෙහි ඇති එක් අවාසියක්.

The construction of the ball includes a microchip (R) embeded inside the Kookaburra ball (L).
The construction of the ball includes a microchip (R) embedded inside the Kookaburra ball (L).

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...