27.9 C
Colombo
Monday, April 29, 2024

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් යළිත්

- Advertisement -

ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට ගුවන් සේවා යළි ආරම්භ කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.

පසුගිය 13 වන දා ඊශ්‍රායලයට එල්ල වූ ඉරාන මිසයිල් ප්‍රහාර හා ගුවන් සීමා වසාදැමීම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද ගුවන් ගමන් මෙසේ යළි ආරම්භ කර තිබෙනවා.

තානාපතිවරයාට අනුව, ආකියා (Arkia) ගුවන් සමාගමේ ගුවන්යානයක් අප්‍රේල් මස 18 වන දා පෙරවරුවේ කොළඹ සිට ටෙල් අවිව් බලා පැමිණීමට නියමිතයි.

AIR-INDIA ගුවන් යානා ද නවදිල්ලි නුවර සිට ටෙල් අවිව් දක්වා අප්‍රේල් මස 18 වන දා සිට යළිත් ආරම්භ වන අතර කොළඹ සිට නවදිල්ලිය හරහා ද ඊශ්‍රායලයට පැමිණෙන මගීන්ට එම යානා මගින් පැමිණීමට හැකියාව ලැබෙනවා.

FLY DUBAI ගුවන් සේවය ද ඊශ්‍රායලය දක්වා ඩුබායි හා අබුඩාබි සිට ගමන් ආරම්භ කරන බැවින් ශ්‍රී ලාංකිකයන්ට එම ගුවන් යාන හරහා ද පැමිණීමට හැකියි.

කෙසේවෙතත්, දැනට ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර ලබාගෙන ඇති මගීන් ගුවන්තොටුපළට යාමට පෙර තම ප්‍රවේශ පත්‍රය නැවත සනාථ කර ගන්නා ලෙස තානාපති නිමල් බණ්ඩාර මහතා තවදුරටත් දැනුම් දෙනවා.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...