28.2 C
Colombo
Saturday, April 27, 2024

හිටපු හමුදාපතිට ඇමැරිකාවෙන් සම්මානයක්

- Advertisement -

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ලෝකයේ විශිෂ්ඨ හමුදා නායකයකු වශයෙන් ඇමැරිකාවේ එක්සත් ජනපද අණ හා මාණ්ඩලික විද්‍යාලයේ විශිෂ්ඨතමයන්ගේ ලයිස්තුවට එක්කරමින් ගෞරව සම්මානයෙන් පිදුම් ලබා ඇත.

මෙය ශ්‍රි ලංකා යුද හමුදා ඉතිහාසයේ හමුදාපතිවරයකු ලබා ඇති ඉහළම ජාත්‍යන්තර ගෞරව සම්මානයක් වන අතර මෙම සම්මානය හිමිකරගත් එකම ශ්‍රි ලංකිකයා වන්නේ ද ජෙනරාල් මහේෂ් සේනානායක මහතා බව‍යි පැවසෙන්නේ.

තරු හතරේ ජෙනරාල්වරයකු වන මහේෂ් සේනානායක මහතාට ගෞරව සම්මානය පුදකිරීමේ උත්සවය පසුගිය (16) දින ඇමැරිකාවේ එක්සත් ජනපද අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දී පැවත්වීවූ අතර ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇමැරිකාවේ එක්සත් ජනපද අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලාව හදාරා ඇත්තේ 2000 වසරේ දීය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන ජෙනරාල් මහේෂ් සේනානායක මහතා 1981 වසරේ ශිෂ්‍ය භට නිලධාරියකු වශයෙන් යුද හමුදාව එක්ව ඇති අතර 1983 වසරේ අතී දක්ෂ නිලදාරියා ලෙස ගෞරවනීය අසිපත දිනාගන්නට සමත් වු අතර උතුරු නැගෙනහිර මෙහෙයුම් සදහා සක්‍රිය දායකත්වය දක්වමින් අවසන් සටන් සමයේ යුද හමුදා මුලස්ථානයේ සැලසුම් අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේය.

2017 – 2019 දක්වා ඔහු ශ්‍රි ලංකා යුද හමුදාවේ 22 හමුදාපතිවරයා වශයෙන් කටයුතු කර වසර 38 ක යුද හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීය.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...