32 C
Colombo
Monday, April 29, 2024

කෙහෙළියගේ පුටුවට මන්ත්‍රීල 4ක පොරයක්

- Advertisement -

කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව  විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වීමත් සමඟ එම අමාත්‍යධූරය ඔහුගෙන් ඉවත් කර  තමන්ට ලබා දෙන්නැයි මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු ජනාධිපතිවරයාගෙන් පසුගිය දිනවල දැඩි ලෙස ඉල්ලීම් කර ඇති බව වාර්තා වෙනවා.

රජයේ අරාංචි මාර්ග සඳහන් කළේ මින් එක්  අයෙකු විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකු වන අතර ඔහු දිගින් දිගටම  එම ධූරය ඉල්ලා සිටි බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවද වාර්තා වෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසූවේ  මේ තනතුර ලබාගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරයකු සහ ඔහුගේ පුතා  ඇඳුම් පවා මසා සූදානම්ව සිටින බවයි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉවත් කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදයට විසඳුමක් නොවන බව ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්  පිරිසක් සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ඉදිරිපත්වීමෙන් අනතුරුව රජයට දැනුම්දී ඇති බවද ආරංචි මාර්ග වාර්තා කරනවා.  

මේ අතර ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය මේ වසරේදී සිදු  නොකෙරෙන බවයි.

මුදල් අර්බුදයක් පවතින අවස්ථාවක ඇමැතිධුර පත් කිරීමට හැකියාවක් නැති බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇති බව  අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...