කොවිඩ් 19 ආසාදනය වී තවත් පුද්ගලයින් 4 දෙනෙකු වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරනවා.
මියගිය පුද්ගලයින් අතර වත්තල ප්‍රදේශයේ වයස අවුරුදු 18 ක තරුණියක් සිටිම විශේෂත්වයක්.
ඇය හේමාස් පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පසුගිය 21 වනදා මියගොස් තිබෙනවා.
එමෙන්ම නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයෙක්ද මියගිය අය අතර සිටිනවා.
ඒ අනුව මේ වන විට වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 638 ක්.
