පසුගිය අප්‍රේල් මාසයේ පැවති පාර්ලිමේන්තු සැසිවාර කිසිවකට සහභාගී නොවූ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු පිළිබදව Manthri.lk වෙබ් අඩවිය සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
එලෙස පාර්ලිමේන්තුවට නොපැමිණ ඇත්තේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක රාජවරෝදයම් සම්පන්දන් හා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් යන මහත්වරුන්ය.
අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තු සැසිවාර 09 ක් පවත්වා ඇති අතර ඉහත සදහන් සිවුදෙනා එම සැසිවාර කිසිවකට සහභාගී වී නැහැ.
