28.1 C
Colombo
Friday, April 26, 2024

සජීවී රූපවාහිනී වැඩසටහනක් වාරණයට ලක් කිරීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් ජයග්‍රහණය කරයි

- Advertisement -

2008 නොවැම්බර් 04 වැනිදා ජාතික රූපවාහිනියේ විකාශනය වෙමින් තිබූ ‘ඉරා අඳුරු පට‘ සජීවී සංවාද වැඩසටහන හදිසියේ වාරණයට ලක් කිරීමට එරෙහිව වසර 12ක් තිස්සේ විභාග වෙමින් පැවති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සම්බන්ධ නඩු තීන්දුව ප්‍රකාශයට පත් ව තිබේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ එවකට හිටපු කැඳවුම්කරු උවිඳු කුරුකුලසූරිය සහ රාවය පුවත්පතේ එවකට විශේෂාංග කර්තෘවරයා වූ ජයසිරි ජයසේකර විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

එම වැඩසටහනට අදහස් දැක්වීම සඳහා සහභාගී වූ උවිඳු කුරුකුලසූරිය, අදාළ වාරණය නිසා තම අදහස් පළ කිරීමේ අයිතිය උල්ලංඝනය වූ බවටත්, ජයසිරි ජයසේකර රූපවාහිනී ප්‍රෙක්ෂකයකු හා පුරවැසියකු ලෙස තම තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය වූ බවටත් අදාළ පෙත්සම් මගින් කරුණු දක්වා තිබිණි. ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ පෙත්සම්කරුවන්ගේ නීතිඥවරයා ලෙස ක්‍රියා කළේය.

පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීරණය කළ ශ්‍රෙෂ්ඨාධිකරණය, පෙත්සම්කරුවන්ට රැ. 30,000 බැගින් වන්දි ගෙවන ලෙස රූපවාහිනී සංස්ථාවටත්, රු. 50,000 බැගින් ගෙවන ලෙස එවකට රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයාව සිටි මහාචාර්ය ආරියරත්න ඇතුගලටත් නියම කර තිබේ.

RECENT ARTICLES - SINHALA

අනුර ස්වීඩනයට

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනය වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව...

කූට ලේඛන සකසා යතුරුපැදි අලෙවි කරන ජාවාරමක්

නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද යතුරුපැදි, ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කළ ස්ථාන තුනක් පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් වටලා තිබෙනවා. පොලිසිය...

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර තවත් ඍජු ගුවන් සේවයක්

මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...