28.2 C
Colombo
Saturday, April 27, 2024

ඇෆ්ගනිස්තානයේ තලේබාන් විරෝධී ප්‍රහාර ඉහළට

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයට එරෙහිව ISIS-K සංවිධානය හෙවත් කොරසන් පළාතේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් එල්ල කරන ප්‍රහාර ‍ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍යය වාර්තා කළේ ජලාලාබාද් , මසාර් ඊ ෂරීෆ් සහ කාබුල් අගනුවර අවට ප්‍රදේශවල මෙවැනි ප්‍රහාර කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි.

බෝම්බ පුපුරැවා හැරීම්, තලේබාන් සාමාජිකයන් ඉලක්ක කරගෙන එල්ල කරනු ලබන වෙඩි ප්‍රහාර මේ අතර කැපී පෙනේ.

ISIS-K සංවිධානය ප්‍රකාශ කර ඇති ආකාරයට ජලාලබාද් හි පමණක් පසුගිය සති හයක කාලයක දී තලේබාන් සාමාජිකයන් 35 දෙනෙකු ඝාතනය කර තිබේ.

මෙවැනි ප්‍රහාර ඉහළ යාම හේතුවෙන් තලේබාන් සංවිධානයට එරෙහිව පවතින මහජන විරෝධය ද දිනෙන් දින ඉහළ යමින් පවතින බව විදෙස් වාර්තා සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...