28.2 C
Colombo
Saturday, April 27, 2024

ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම් ධූරයට

- Advertisement -

නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වූ ගාමිණී සෙනරත් මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී වැඩ භාර ගැනීමට නියමිතයි.

මීට පෙර ආචාර්ය පී.බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙහි කටයුතු කළ අතර පසුගියදා ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා.

පී.බී. ජයසුන්දර මහතා හට විවිධ පාර්ශව වලින් චෝදනා රැසක් එල්ලවූ අතර කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඔහුව හැදින්වූයේ ‘ආර්ථික ඝාතකයා’ ලෙසයි.

ගාමිණී සෙනරත් මහතා මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළා.

ඊට පෙර ඔහු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, අග්‍රාමාත්‍ය ලේකම්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි යන තනතුරු හොබවනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...