ගාසා තීරයට වහාම සටන් විරාමයක් ඉල්ලා සිටිය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලය සිදු කළ ඡන්ද විමසීම පරාජය වී තිබෙනවා.
ඒ, නිෂේධ බලය හිමි ඇමරිකාව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ බව සඳහන් වනවා.
මෙයට බ්‍රිතාන්‍යද ඡන්දය දීමෙන් වැළකී සිටි බව වාර්තා වනවා.
ආරක්ෂක මණ්ඩල කවුන්සිලයේ නිෂේධ බලය හිමි රටවල් 5ට අමතරව, තවත් රටවල් 10ක් සාමාජිකයින් ලෙස කටයුතු කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් 13 දෙනෙකුම මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී ඇති බවයි.
සටන් විරාමය පිළිබද යෝජනාව ඉදිරිපත් කර තිබුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින්.