පහත දැක්වෙන පින්තූර මගින් දක්වා ඇත්තේ දැරණියගල නගරයට කිලෝ මීටරයකට පමණ කලින් ප්‍රධාන මාර්ගයට යාබදව අංශක 80 ක පමණ දැඩි බෑවුමකින් යුතු වනාන්තරයක් වැනි කඳු මුදුනක් ඩෝසර් හා බැකෝ යොදාගෙන පස් ව්‍යාපාරයට භාවිතා කරන ආකාරයයි.
මෙම පස් ව්‍යාපෘතියේ අවාසනාවන්තම තත්ත්වය නම්, මධ්‍යයම පරිසර අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ ප්‍රාදේශීය සභාව කිසිදු අනුමැතියක් ලබාදී නොමැති නමුත් භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය විසින් බලපත්‍රයක් ලබා දීමයි.
ඉහත ආයතන මෙම ස්ථානය පස් කැපීමේ ව්‍යාපාරයකට කිසිසේත් සුදුසු ස්ථානයක් නොවන බවට වාචිකව සහ ලිඛිතව දක්වා ඇත.
එසේ තිබියදී මෙවැනි නායයාම් අධි අවදානම් ප්‍රදේශයක පස් ව්‍යාපාරයකට බලපත්‍ර ලබා දුන්නේ කෙසේද? කාගේ අවශ්‍යතාවයකටද?
මෙමගින් මාර්ගය නාය යාමක් සිද්ධ වුවහොත් ඒ සඳහා වන්දි ගෙවන්නේ කවුරුන්ද?
මේ සම්බන්ධව මා පෞද්ගලිකව දැරණියගල ප්‍රාදේශීය සභාවත්, ප්‍රාදේශීය ලේකම්වරියක් භූ විද්‍යා හා පතල් කාර්යාංශයට ලිඛිතව පැමිණිලි කර ඇති බව දනිමි.
කෙසේ නමුත් මේ වන තෙක් මෙම අක්‍රමික ක්‍රියාවලිය නැවැත්වීමට භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය කටයුතු නොකරන්නේ මන්ද ?
මෙම ප්‍රදේශයේම ප්‍රධාන මාර්ගයේ ඉහත කී කන්ද පැත්තට වන බෑවුම නාය යාමේ අවදානම ගලවා ගැනීමට දේශගුණ අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඩොලර් මිලියන ගණන් ණය ගෙන පැති බැමි ඉදිකරමින් සිටියි.
දැරණියගල යනු අද ලංකාවේ වැඩිම වර්ෂාපතනය ලැබෙන ප්‍රදේශයයි.
දිය ඇලි ඝනත්වය අතින් රත්නපුරත් දැරණියගල ලංකාවේ ප්‍රමුඛස්ථානයේ සීටියි.
මෙම පස් කන්ද කපන ස්ථානයෙන්ද ඉතා වටිනා දිය පාරක් ගමන් කරන අතර එය භාවිතා කරමින් අයෙකු කර්මාන්තයක් ලෙස වාහන සේදීම පවා සිදු කරයි.
මෙවැනි පස්කඳු වර්ෂාපතනය උරාගෙන ජලය ලබා දීමත්, එහි ඇති වන වැස්මෙන් වර්ෂාව සහ ජලය උත්පාදනය කිරීමත් සිදු කරයි.
මේවා කපා දැමීමෙන් ජලය හිඟ වීමත් වර්ෂාපතනය අඩු වීමත් දැරණියගල කාන්තාරයක් වීමත් ඉක්මන් වනු ඇත.
එතෙක් දැරණියගල ජනතාව මුකවාඩම් බැඳගෙන සිටීම පුදුම සහගතය.
පරිසරවේදී – ජයන්ත විජේසිංහ



අදාල ස්ථානය මීට පෙර පැවති ආකාරය – https://www.google.com/…/data=!3m6!1e1!3m4…