පොසොන් උත්සවය වෙනුවෙන් පවත්වන දන්සල් පිළිබඳ තොරතුරු තම ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සේවය කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දැන්විය යුතු බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරනවා.
එම සංගමයේ ලේකම් මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. අයි. බෝපිටියගේ මහතා සඳහන් කළේ මේ ආකාරයට තොරතුරු ලබා දෙන සෑම පුද්ගලයෙක් හට සෞඛ්‍ය ආරක්ෂිතව දන්සලක් පවත්වාගෙන යන ආකාරය පිලිබදව උපදෙස් ලබා දිමට කටයුතු කරන බවයි.
පොසෙන් උත්සවය වෙනුවෙන් පවත්වන සියලුම දන්සල අදාළ දිනවලදි පරික්ෂාවකට ලක් කරන බවත් ඒ සදහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 2400 සේවයේ යොදවන බවත් ඒ මහතා පවසා සිටියා.