27.8 C
Colombo
Friday, April 26, 2024

පැය 24 ම අඳුරේ ඉන්න ලෑස්ති වෙන්න – රන්ජන් ජයලාල්

- Advertisement -

වත්මන් ආණ්ඩුවේ සහ විදුලිබල මණ්ඩලයේ අවිධිමත් කළමනාකරණය හේතුවෙන් ඉදිරියේදී පැය 24 ක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට විදුලි වෘත්තීය සමිති පෙන්වා දෙනවා.

ඉදිරියේදී ජල විදුලි උත්පාදනය සම්පූර්ණයෙන් ඇණහිටිනු ඇති බවයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසන්නේ.

මෙම වසරේ ඉදිරි කාලය තුළ ප්‍රමාණවත් ජල ධාරිතාවයක් විදුලිය උත්පාදනය කිරීම සඳහා භාවිතා කරන ජලාශවලට නොලැබෙනු ඇති බවත් වර්ෂාව ලැබුණද මාසයකට හෝ ප්‍රමාණවත් ජල ධාරිතාවයක් ගබඩා කර ගැනීමට නොහැකි බවත් ඔහු සඳහන් කරනවා.

පසුගිය කාලයේදී ලැබුණු අධික වර්ෂාවෙන් ජලාශ සියල්ල පිරී ගියද එම ජල ධාරිතාවය සති දෙකක කාලයකටවත් ප්‍රමාණවත් නොවූ බව පෙන්වා දෙන රන්ජන් ජයලාල් මහතා පවසන්නේ ජලාශවල අධික ලෙස රොන්මඩ පිරී ඇති බවයි.

සාමාන්‍යයෙන් වසර පහකට වරක් වර්ෂාව අවම කාල සීමක් උදාවන බැවින් ඊට සූදානම් විය යුතු නමුත් විදුලිබල මණ්ඩලය ඒ සඳහා කිසිදු විකල්ප ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම්ව නොමැත. මේ වනවිට ඩීසල් භාවිතා කර විදුලි උත්පාදනය කිරීමද අර්බුදයට ගොස් ඇති අතර ඉතිරි වී ඇති එකම විකල්පය හැකිතරම් ගල් අඟුරු බලාගාරවලින් විදුලි ඉල්ලුම සපුරාලීමයි. කෙසේ නමුත් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විටින් විට බිඳවැටීම් සිදුවන අතර ගල්අඟුරු මිලදී ගැනීමද අර්බුදයට ගොස් තිබෙනවා.

රට අඳුරට පත්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය විකල්ප ක්‍රියාමාර්ග සූදානම් කරන්නැයි විදුලි බළධාරීන්ට කෙතරම් අනතුරු ඇඟවීම් සිදු කළද ඔවුන්ට ඊට කන්දීමට සූදානම් නොමැති බවත්, මෙම තත්වය මත පැය 24 පුරා විදුලිය නොමැතිව රටම අඳුරේ තැබෙන යුගයක් උදාවන බවත් ජයලාල් මහතා සඳහන් කරනවා. ගෑස් පෝලිම්වල, හාල් පෝලිම්වල ඉන්ධන පෝලිම්වල රස්තියාදු වන ජනතාවට අඳුරේ සිටීමට සිදුවන යුගයක්ද උදාවන බවත් ඒ සඳහා සූදානම්ව සිටින්නැයි අකමැත්තෙන් වුවද ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...