විටින් විට දෙපසටම දෝලනය වූ මිනිත්තු 100ක් අවසානයේ දකුණු කොරියාව පරාජය කිරීමට ඝානාව සමත් වුණා.
තරගයේ පළමු අර්ධයේ මිනිත්තු 10ක් තුල ගෝල 2ක් රැස්කළ Mohammed Salisu සහ Ajax’s Mohammed Kudus අප්‍රිකානු රාජ්‍යය පළමු අර්ධය අවසානයේ ප්‍රබල ස්ථානයකට රැගෙන ආවා.
අමන්දානන්දයට පත් ව සිටි ඝානා ප්‍රේක්ෂකාගාරය මිනිත්තු තුනකදී නිහඬ කළ Cho Gue-sung සිය හිසෙන් යොමු කළ පන්දුවෙන් ප්‍රතිවාදී දැල ආක්‍රමණය කරවමින් 61 වැනි මිනිත්තුවේදී ලකුණු තත්ත්වය සම කිරීමට සමත් වුණා.
එකිනෙකා පරයා යෑමට ගත් උත්සාහයන් රැසකින් පසු Kudus තමන්ගේ දෙවැනි ගෝලය වාර්තා කළේ දකුණු කොරියානුවන්ගේ හදවත් බිඳ දමමින්.
ඉන් පසු එළැඹි සෑම තත්ත්පරයකදීම අවම වශයෙන් තරගය සම කරන්නට හෝ දකුණු කොරියාව ගත් උත්සාහයන් සියල්ල පරාජය කළ ඝානාව 3 – 2 ක් ලෙස තරගය ජය ගත්තා.