27 C
Colombo
Friday, May 3, 2024

සංස්කෘතිය විනාශ කරන අයට දැඩි දඬුවම් දෙන්න – පැල්පොළ විපස්සී හිමි

- Advertisement -

සෑම ජාතියක්ම තම සංස්කෘතිය ආරක්ෂා කළ යුතු බවත් එය විනාශ කිරීමට හෝ විකෘති කිරීමට උත්සාහා ගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩි දඩුවම් ලබා දියයුතු බවත් පැල්පොළ විපස්සී ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අග්නිදිග ආසියානු කලාපයේ සංඝනායක පැල්පොළ විපස්සී නාහිමියන් පවසනවා.

උන්වහන්සේ පවසන්නේ, මුස්ලිම් ආගමට අපහාස කළ බවට චෝදනා එල්ල කරමින් බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සිරඳඩුවම් ලබාදීමට අධිකරණය පියවර ගත්තා හා සමානව සිංහල සංස්කෘතිය විකෘති කරන පුද්ගලයින්ටද දඩුවම් ලබා දියයුතු බවයි.

අපගේ වසර 2500ක​ට අධික උරුමයක් ඇති සංස්කෘතිය සහ ජන උරුමයන් විනාශ කිරීමට ඉතාමත් සූක්ෂම ලෙස විවිධ පිරිස් උත්සාහා ගන්නා බව උන්වහන්සේ සඳහන් කළා.

ඒ අනු​ව වහාම ඊට විරුද්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වත්මන් රජය නැගී සිටිය යුතු බව පැල්පොළ විපස්සී හිමියන් පවසනවා.

ජපානය තම සංස්කෘතිය හා දේශීය උරුමය රැකගැනීම සඳහා ගනු ලබන පියවර ඊට කදිම ආදර්ශයක් බවද උන්වහන්​සේ වැඩිදුරටත් සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...