26 C
Colombo
Tuesday, May 7, 2024

කේලම් කියපු ගලදාරී හෝටලයට වැඩ වරදියි

- Advertisement -

ගලධාරී හෝටලය වෙත මේ වන විට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඒ කොළඹ ගාලු මුවදොර ක්‍රියාත්මක කෙරෙන ‘ගෝඨාගෝගම’ ඉවත්කිරීම වෙනුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොනු කර ඇති නඩුවේ පොලිසියේ සහයට ප්‍රකාශ ලබා දී ඇති පිරිස අතර එම හෝටලයේ ලොබි කළමණාකරු වන සනත් කුමාර නම් පුද්ගලයාද සිටින බැවින්.

ගලධාරී හෝටලයේ අනුදැනුම ඇතිව නඩුව වෙනුවෙන් මෙම පුද්ගලයා සාක්ෂි ලබාදී මෙම ජනතා අරගල භූමිය එම ස්ථානයෙන් ඉවත්කිරීමට ඔවුන් කටයුතු කරමින් පවතිනවා.

මෙම අශෝභන ක්‍රියාවට විරෝධය පා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ගලධාරී හෝටලයේ නිල ෆේස්බුක් පිටුවට ගොස් එම හෝටලය සඳහා අයහපත් ප්‍රතිචාර (Bad Review) ලබාදී තිබෙනවා.

ඒ අනුව ඒ වන විට තරු 5 ක ඉතා හොඳ ප්‍රතිචාර තිබූ එම සමාජ මාධ්‍ය පිටුව තරු 1 දක්වා වේගයෙන් පහළ බැසීම හේතුවෙන් ගලධාරී හෝටලයේ පාලනාධිකාරිය සිය නිල ෆේස්බුක් පිටුව වෙත ප්‍රතිචාර (Review) දැක්වීමේ පහසුකම මේ වන විට අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මේ වන විට Google Review හී ද ගලධාරී හෝටලය වෙත අයහපත් ප්‍රතිචාර දක්වමින් තිබෙනවා.

මෙය දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද ගලධාරී හෝටලයේ කීර්ති නාමයට දැවැන්ත කැළලක් වී තිබීම විශේෂත්වයක්.

මීට අමතරව කොළඹ කොටුවේ පිහිටි ඉපැරණි ලන්සේදි රෝහලේ (Dutch Hospital) හී පිහිටි Tap House නම් සුරාසැලේ මෙහෙයුම් කළමණාකරු වන ගයාන් සන්තුෂ් කුරුප්පු ආරච්චි නම් පුද්ගලයාද අදාළ නඩුව වෙනුවෙන් පොලීසියේ සහයට ඉදිරිපත්වී තිබෙනවා.

මේ හේතුවෙන් එම ආයතනයටද සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් විශාල විරෝධයක් මේ වන විටත් එල්ලවෙමින් පවතිනවා.


RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...