30 C
Colombo
Wednesday, February 19, 2025

ගෝඨා ගෝ හෝම්..! – හරීන් 

- Advertisement -

ජනතා විරෝධය මධ්‍යයේත් බලයේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ ගෙදර යා යුතුය යන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ජනාධිපති ගෙදර යැවීම සඳහා ජනතාව ආරම්භ කර ඇති අරගලය සමග තවදුරටත් සිටින බවයි ඔහු පවසන්නේ.

ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (20) සිය ඇමති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඇමති ධුරයක් බාර ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී ඔහු සඳහන් කළේ ඇමති ධුරය බාර ගැනීම හදවතට එකඟව ගත් තීරණයක් බවයි. මේ මොහොතේ රටට අවශ්‍ය පක්ෂ දේශපාලනයද එසේ නැතහොත් පවතින අර්බුදයට විසඳුම් සෙවීමද යන්න පිළිබඳව කල්පනා කළයුතු බවත් ඒ අනුව පක්ෂ දේශපාලනය පසෙක තබා රට මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා දායකත්වය දැක්වීමට තීරණය කළ බවත් හරීන් ප්‍රනාන්දු අවධාරණය කරනවා.

ඇමති ධුරයක් ලබා ගත්තද සමගි ජන බලවේගය පාවාදීමට කටයුතු නොකරන බවත්, තවදුරටත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

රටේ පවතින අර්බුද හමුවේ අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට ප්‍රශංසා කිරීමටද හරීන් ප්‍රනාන්දු මාධ්‍ය හමුවේදී කටයුතු කළ නමුත් මීට පෙර රනිල් වික්‍රමසිංහ හට විශාල චෝදනා ප්‍රමාණයක් එල්ල කිරීමටද හරීන් කටයුතු කළා.

RECENT ARTICLES - SINHALA

අප්‍රේල් මාසෙන් පස්සේ එන ඩිජිටල් හැඳුනුම්පත

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත...

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්...

Breaking: ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන පුද්ගලයාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දියි. මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම...

POPULAR ARTICLES