නන්දසේන ගෝඨාභයගේ චරිත දෙකක් තිබෙන බවත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ අවධියේ මෙන් සැර පාලනයක් තමන්ට ගෙන යා හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.
අම්පාරේ පැවැති ‘ගම සමඟ පිළිසඳරක් පස්වන අදියර’ වැඩසටහනට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ පවසා තිබුණි.
හික්ෂුවරුන් තමන්ගෙන් ‘අපිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එපා, අපිට ඕනෑ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ ‘ යැයි තමන්ගෙන් ඉල්ලීම් කරන බවත්, ටිකක් සැරෙන් ඉන්න ඕනෑයි ‘ ඉල්ලීම් කරන බවත් ඒ මහතා පැවසීය.
‘ඔව් මට චරිත දෙකක් තියෙනවා, ඕනේ නම් මට එහෙම වෙන්නත් පුළුවන්’ යැයි ජනාධිපතිවරයා පවසා ඇත.
ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ පසුගිය සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ සිදු කළ කථාවකට පිළිතුරු දෙමින්ය.
වැඩිදුර බලන්න