27 C
Colombo
Thursday, May 16, 2024

ආණ්ඩුව සිපෙට්කෝ තෙල් මිල අහස උසට නග්ගයි

- Advertisement -

වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉතිහාසයේ මෙතෙක් නොවූවිරූ මුදලකින් ඉහළ දැමීමට වත්මන් රජය ක්‍රියාකර තිබෙනවා.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් මිල රුපියල් 77 කින් ඉහළ දමා ඇති අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 76 කින් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254 ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 283 ක් ලෙස සටහන් වනවා.

එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක රුපියල් 95 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් රුපියල් 254 ක් ලෙසයි.

ඉතිහාසයේ රන් අකුරින් මෙම ඉන්ධන මිල ඉහළ යෑම වාර්තා වන අතර එහිදී වත්මන් රජයේ නමත් බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නමත් නොමැකෙන ලෙස සටහන් වනු ඇත.


RECENT ARTICLES - SINHALA

ටිරාන්ගේ දේශපාලන රැස්වීමකට දේශබන්දු බලෙන් පොලීසිය ගෙන්වීමේ සූදානමක්

0
පොලිස් නිලධාරීන්ගෙන් මුදල් එකතු කර, තලවතුගොඩ මොනාර්ච් හෝටලයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් හෙට (17)...

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා පත් කෙරේ

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස ඩබ්ලිව්.ඒ.චූලානන්ද පෙරේරා මහතා පත් කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශ්‍රාමික)...

ශෙහාන් සේමසිංහට මරණ තර්ජන

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාට මරණ තර්ජන එල්ල වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාල දුරකථනය ඔස්සේ...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...