24 C
Colombo
Sunday, December 10, 2023

ශූමාකර්ගේ ‘සාර්ථකම’ කිරුළ හැමිල්ටන් ඩැහැගනී

- Advertisement -

පසුගිය ඉරිදා ලුවිස් හැමිල්ටන් හත්වැනි ෆෝමියුලා වන් ලෝක ශූරතාව දිනාගත්තා. ඒ අනුව දැන් ඔහු වැඩිම ලෝක ශූරතා දිනාගත් ෆෝමියුලා වන් ක්‍රීඩකයන් අතරින් මයිකල් ෂූමාකර්ගේ වාර්තාව සමාන කර තිබෙනවා. තුර්කියේ පැවති ෆෝමියුලා වන් ධාවන තරගය ජයගැනීමෙන් පසු ඔහු එම වාර්තාව සමාන කර තිබුණා.

ෆෝමියුලා වන් ලෝක ශූරතාව යනු යම් අවුරුද්දක පවත්වන ෆෝමියුලා වන් ධාවන තරගවලදී ලබන ලකුණු ප්‍රමාණය අනුව වසරේ වැඩිම ලකුණුලාභී ධාවන ශූරයා. වසරකට වතාවක් ලෝක ශූරයා තෝරනු ලබනවා.

තනි ධාවන තරග ජයග්‍රහණ සංඛ්‍යාව අතින් ලුවිස් හැමිල්ටන් දැනටමත් ශූමාකර්ව පසු කර හමාරයි. මේ වන විට හැමිල්ටන් ජයග්‍රහණ 97ක් ලබා සිටිනවා. ශූමාකර්ගේ ජයග්‍රහණ සංඛ්‍යාව 94ක්.

ඔහු ඒ පිළිබඳ ඉතා ආඩම්බරයෙන් සහ ඉතා හැඟීම්බර ලෙස කතා කර තිබුණා. තරගය අවසන් වූ පසු රියදුරු අසුනේදීම ඔහු කඳුළුවලින් දෑස් පුරවාගෙන සිටියා. ෆෝමියුලා වන් ඉතිහාසයේ මේ ඓතිහාසික මොහොත සංකේතවත් කරන්නට වාගේ ඒ මොහොතේ ධාවන පථයට ඉහළින් දේදුන්නකුත් පායා තිබුණා.

සාමාන්‍ය ආර්ථිකයක් ඇති පවුලකින් පැවත ආ කළු ජාතික තරුණයෙකු වන ලුවිස් හැමිල්ටන්, යම් ධනයක් අතැති පවුල්වල දරුවන්ගේ ක්‍රීඩාවක් ලෙස සලකන ෆෝමියුලා වන් ක්‍රීඩාවේ ඉහළම තැනට මෙසේ පැමිණීම බොහෝ අයගේ කතාබහට හේතු වී තිබුණා. හැමිල්ටන්ට නයිට් පදවියක් ලබාදීම ගැනත් දැන් සාකච්ඡා පවතිනවා.

ෂූමාකර් සහ හැමිල්ටන් ශූරතා හත බැගින් ජයගෙන සිටිනවා. ඊට අමතරව ජුවාන් මැනුඑල් ෆැන්ජියෝ ශූරතා පහක් සහ ඇස්ටන් සෙනා ශූරතා 3ක් ජයගෙන ලෝක ඉතිහාසයේ හොඳම ෆෝමියුලා වන් ධාවකයන් ලෙස ඇගයීමට ලක් වන ක්‍රීඩකයන් අතර සිටිනවා.

ලෝක ඉතිහාසයේ ‘දක්ෂතම’ ෆෝමියුලා වන් ක්‍රීඩකයා කවුදැයි නොයෙකුත් සංවාද පවතිනවා. එහෙත් ලෝක ශූරතා ජයග්‍රහණ සංඛ්‍යාව සහ තනි ජයග්‍රහණ සංඛ්‍යාව අතින් ලොව ‘සාර්ථකම’ ක්‍රීඩකයා ලුවිස් හැමිල්ටන් බව දැන් නිසැකයෙන් කිව හැකියි. ඒ කිරුළ ඔහු ශූමාකර්ගෙන් ඩැහැගත්තා.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...