29 C
Colombo
Sunday, October 1, 2023

හාවඩ් විශ්ව විද්‍යාලයත් චීනයෙන් තායිවානයට මාරුවෙයි

- Advertisement -

මෙවර ගිම්හාන විදේශ භාෂා අධ්‍යයන පාඨමාලාව යටතේ මැන්ඩරින් භාෂාව හැදැරීම සදහා සිය සිසුන් චීනය වෙනුවට තායිවානයට යොමු කිරීමට ඇමරිකාවේ සුප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලය තීරණය කර තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ මෙය ඇමරිකාව සහ චීනය අතර පවතින ජාත්‍යන්තර බල දේශපාලන අර්බුදය තවත් ක්ෂේත්‍ර කරා ව්‍යාප්තවීමක් ලෙසයි.

හාවඩ් විශ්ව විද්‍යාලයේ සිසුන්ව ගිම්හාන සමයේදී චීනයට යවා මැන්ඩරින් භාෂාව ඉගෙනීමට අවස්ථාවක් ලබාදීම 2004 වර්ෂයේ සිට ක්‍රියාත්මක වූ වැඩසටහනකි.

මෙවර ඒ සදහා සුදුසුකම් ලබා සිටින සිසුන් 60 දෙනෙකු චීනය වෙනුවට තායිවානයේ ජාතින විශ්ව විද්‍යාලය වෙත යැවීමට හාවඩ් බලධාරීන් තීරණය කර තිබේ.

මෙම තීරණයට හේතුව චීනය විසින් නිසි ලෙස සත්කාරත්වය සදහා ඉදිරිපත් නොවීම බව හාවඩ් විශ්ව විද්‍යාලය ප්‍රකාශ කර ඇතත් මෙය දේශපාලන ගැටලුවක් බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

රේගුවට නව බඳවා ගැනීම් රැසක් ඉදිරියේදී

සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික...

ගෑස් මිලත් ඉහළට?

මෙවර ගෑස් මිල සංශෝධනය ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට...

ඉන්ධන මිල ගැන තීරණයක් හෙට

මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ මිල සංශෝධනය හෙට රාත්‍රියේ...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...