30 C
Colombo
Monday, March 20, 2023

ණය බරෙන් නිදහස් වෙන්න ශ්‍රී ලංකාවට උදව් කරනවා..! – චීනය

- Advertisement -

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින වත්මන් දුෂ්කරතාවයෙන් ගොඩ ඒමට සහ ණය බර ලිහිල් කර ගැනීමට මෙන්ම තිරසර සංවර්ධනයක් උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට ධනාත්මකව උපකාර කිරීම සඳහා අනෙකුත් රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග කටයුතු කිරීමට තමන් සූදානම් බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් ඇති කරගත් පමණින් අද හෝ හෙට චෙක් පතක් අත්සන් කර ණයක් ලබාදෙනු ඇතැයි කිසිවෙකුත් විස්වාස නොකළ යුතු බව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය සහන ලබා ගැනීමට නම්, ද්විපාර්ශ්වික ලෙස ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට සිදුවන බවත්, ද්විපාර්ශ්වික ලෙස ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යූහගත කිරීමකින් තොරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය ආධාර ලබාදීම සම්බන්ධයෙන් මුල්‍ය අරමුදල ඉදිරි ක්‍රියාමාර්ගවල නොයන බවත් හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම චීනය මෙහිදී ඉතා වැදගත් සාධකයක් බවත්, මීට අමතරව ඉන්දියාව ඇතුළු ණයහිමි රටවල් සහ සංවිධාන සමග එකඟතාවයකට පැමිණිය යුතු බවත්, ජාත්‍යන්තර බැඳුම්කර හරහා මෙරටට ණය ලබා දී ඇති ආයතන සමගද එකඟතාවයකට පැමිණීම අනිවාර්ය බවත් ඔහු සඳහන් කරනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කාර්ය මණ්ඩල එකඟතාවය, විධායක අධ්‍යක්ෂවරුන් හමුවට රැගෙන යන්නේ ඉන් අනතුරුව බවද හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

මෙය ඉතා දිගු කලක් ගතවන හා සංකීර්ණ ක්‍රියාවලියක් බවත්, ජාත්‍යන්තර උපදේශන සමාගම් දෙකක් උපදේශකයන් ලෙස බඳවාගෙන තිබෙන්නේ මෙහි ඇති සංකීර්ණත්වය හේතුවෙන් බවත් ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.