29 C
Colombo
Sunday, May 5, 2024

කංසා වවන ගැසට්ටුවත් එයි

- Advertisement -

ඔෂධීය වටිනාකමක් සහිත කංසා වගා කිරීමට අවශ්‍ය අනුමැතිය ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

ඒ අනුව කංසා පමණක් නොව ඊට වඩා ඖෂධ ගණනාවක් ආනයනය කරන අතර මේවා වාණිජ වගා ලෙස ප්‍රවර්ධනය කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා අද(05) පාර්ලිමෙන්තුවේ දී සඳහන් කළා.

කෙසේ වුව ද ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කිරීමත් සමඟ මෙය සිදු විය යුතුව තිබුණේ මීට පෙර බවත් සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය ඔෂධීය වටිනාකමක් ඇති කංසා වගා කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දීමට තීරණය කිරීම තමන්ට විශාල සතුටක් බවත් පැවසුවා.

එසේම බොරැල්ලේ ආයුර්වේද මහ රෝහලේ නම ආයුර්වේද ජාතික රෝහල ලෙස සංශෝධන කරන බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ අතර ආයුර්වේද කොමසාරිස් තනතුර ආයුර්වේද කොමසාරිස් ජනරාල් තනතුර දක්වා උසස් කරන බවද සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...