33 C
Colombo
Monday, April 29, 2024

තායිලන්තයේ වීදි පුරා සිංහ පැටියෙක් කාර් රථයක ගෙන ගිය ශ්‍රී ලාංකිකයා මෙන්න

- Advertisement -

තායිලන්තයේ ජාතික වනජීවී හා වනෝද්‍යාන නිලධාරීන් සහ පතායා සංචාරක පොලිසිය විසින් සිංහ පැටියෙකු සමීපයෙහි තබාගෙන බෙන්ට්ලි රථයක් පදවමින් වීඩියෝවක පෙනී සිටින විදේශිකයෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, මෙම බලධාරීන් විසින් තායිලන්තයේ චොන්බුරි ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෙහිදී තායිලන්ත බලධාරීන් විසින් අදාළ නිවස තුළ කූඩුවල රඳවා සිටි මාස 4 ක් වයසැති ගැහැණු සිංහ පැටියෙකු සහ තවත් සුනඛයන් තිදෙනෙකු සොයා ගෙන තිබෙනවා.

කෙසේවෙතත්, මෙම සතුන් අයිති පුද්ගලයා අදාළ අවස්ථාවේ එම නිවසේ රැඳී සිට නොමැති බවයි වාර්තා වෙන්නේ.

තායි පොලීසිය පවසන්නේ මෙලෙස සිංහ පැටියෙකු ළඟ තබා ගෙන සිටින පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු බවට සැක පළ කරන බවයි.

එමෙන්ම, අදාළ බෙන්ට්ලි රථයේ බලපත්‍රවලට අනුව එය Phuket හිදී කුලියට ගත් මෝටර් රථයක් බවට පොලීසිය විසින් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

කෙසේවෙතත්, මෙම වීඩියෝවෙහි පෙනී සිටින විදේශික පුද්ගලයා කවරෙක්ද යන්න පිළිබඳව තවමත් නිසි තොරතුරු ලැබී නොමැති බව තායි මාධ්‍ය පෙන්වා දෙනවා.

තායි මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ සිංහ පැටියා සමඟ පෙනී සිටින වීඩියෝවට ලොව පුරා ජනතාවගේ විවේචන එල්ලවීමත්  සමඟ ඔහු තායිලන්තය හැර ගොස් ඇති බවට අනුමාන කරන බවයි.

මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා සිය නීතීඥවරයාගේ මාර්ගයෙන් තායි පොලීසියට සහය දැක්වීමට අදාළ විදේශික පුද්ගලයා කටයුතු කර ඇති බව නිල නොවන ආරංචි මාර්ග පවසන බවටද තායි මාධ්‍ය අනාවරණය කර තිබුණා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමේදී වාර්තා වූයේ සිංහ පැටවා නංවාගෙන කාර් රථයේ ගමන් ගන්නා ලද මෙම පුද්ගලයා එන්.වී. තිවකරන් බවයි.

එන්.වී. තිවකරන් යනු මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ටට්යානා ලී ජයරත්න මහත්මියගේ සුළුපියා වනවා.

ටට්යානා ලී ජයරත්න මහත්මියගේ මව වන ඩෙයිඩ්‍රි ලිවේරා මහත්මිය ටට්යානාගේ පියා වන ජෙරම් ජයරත්න මහතාගෙන් දික්කසාදවීමෙන් පසු වර්තමානයේ විවාහ වී සිටින්නේ එන්.වී.තිවකරන් නැමැති මෙම පුද්ගලයා සමඟයි.

එන්.වී.තිවකරන් නැමැත්තා 2021 වසරේදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සිදු කළා යයි කියන වීඩියෝගත කිරීමක් හා ඒවා සයිබර් හිංසනයට යොදාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක්ද ඇති කළා.

එහිදී ඔහුට එල්ලවූ චෝදනාව වූයේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඇති අවන්හලකදී තමන් ඉදිරිපිට සිටි කාන්තාවන්ගේ රහසිගතව ලබාගත් බව කියන ඡායාරූප වීඩියෝ කිහිපයක් අයථා භාවිතයේ යෙදවීමයි.

කාන්තාවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ අනවශ්‍ය ලෙස බෙදාහැරීමෙන් පසු එම ඡායාරූප වල සිටි කාන්තාවක එයට විරෝධය පළ තිබුණා.

ඒ අනුව ඇය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ කළමනාකාරීත්වයට මේ ගැන දැන්වුවද රාජපක්ෂ පවුලේ ඥාතියෙකු ලෙස පෙනී සිටින එන්.වී තිවකරන්ට එරෙහි කිසිදු පියවරක් නොගන්නට කළමනාකාරීත්වය ක්‍රියාකර තිබුණා.

හෝටලයේ මෙම උදාසීන ප්‍රතිපත්තිය දැඩි විවේචනයට ලක්කරමින් සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචන එල්ල වුණා.

මේ අතරවරයේ දිගටම එල්ලවන චෝදනා ඉදිරියේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, අදාළ පුද්ගලයාගේ ගැටලුව ගැන ඔහු සමඟ “සම්බන්ධ වීමට” සහ හෝටලයට පැමිණෙන කාන්තාවන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ඔවුන් සුදුසු පියවර ගෙන ඇති බවයි.

මෙම පුද්ගලයා නිසා රෝහිත රාජපක්ෂ මහතාට එල්ලවන චෝදනා පිළිබදව එකල රෝහිත රාජපක්ෂ මහති ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා.

“සිනමන් හෝටලයේදී චූදිතයාගේ නින්දිත ක්‍රියා ගැන ඇසීම ඉතා කණගාටුදායක විය. මගේ බිරිඳ ටට්යානා ලී සහ මම ස්ත්‍රී පුරුෂ භාවය නොතකා ඕනෑම කෙනෙකුට එරෙහි ලිංගික හිරිහැර තරයේ හෙළා දකිමි. එන්. වී. තිවකරන්” විවාහ වූයේ මගේ නැන්දම්මා සමඟයි. නමුත් මගේ බිරිඳ (ඔහුගේ සුළු දියණිය) හෝ මම ඔහු සමඟ වසර ගණනාවක් තිස්සේ සමීපව ඇසුරු කරන්නේ නැහැ චූදිතයා ඔහුගේ ක්‍රියාවන්ට වගකිව යුතු අතර, චූදිතයාගේ සමාජ තත්ව නොසලකන ලෙසත් ස්වාධීනව වින්දිතයින් වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිනමන්ග්‍රෑන්ඩ් කළමනාකාරිත්වය සහ අදාළ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මම තරයේ දිරිමත් කරමි.”

සිංහ පැටවා කාර් රථයේ නංවාගෙන යන අවස්ථාව තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබූ වීඩියෝව පහතින්,

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...