30.2 C
Colombo
Friday, April 26, 2024

“වරෙන්තුවක් තියෙනවද ? නැහැ.” – ITSSL සභාපති යසිරු කුරුවිටගේ CID භාරයට ගත් හැටි

- Advertisement -

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ (ITSSL) සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (07) පස්වරුවේ සිය භාරයට ගෙන තිබෙනවා.

වට්සැප් යෙදුම සම්බන්ධයෙන් එම සංගමය විසින් සිදු කළ නිවේදනයකට අදාල ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් රැගෙන ගොස් තිබෙනවා.

යසිරු කුරුවිටගේ මහතා වෙනුවෙන් මෙම නිළධාරීන් සමඟ දුරකථනයෙන් සංවාදයේ යෙදුණු සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ මහතා එම නිළධාරීන්ට දැනුම් දී සිටියේ වරෙන්තුවක් සහිතව අත්අඩංගුවට ගැනීමක් සිදු නොවේ නම් යසිරු කුරුවිටගේ මහතාව රැගෙන යාමට ඉඩ දිය නොහැකි බවත් නීති සහය පැතීමට ඔහුට ඇති අයිතිය මත පදනම්ව පෙර අවස්ථාවේදී මෙන්ම නීතීඳයෙකු සමඟ පැමිණ ප්‍රකාශයක් ලබා දීමට පැමිණීමට හැකි බවයි.

මෙහිදී ඔහුව රැගෙන යාමට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සතුව වරෙන්තුවක් නොතිබූ බව පිළිගනු ලැබුවා. එම සංවාදය පහළින්..

පසුගිය 03වනදා එම සංගමය විසින් අගමැතිගේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සිදු කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔහුව ඒ සම්බන්ධයෙන් කැඳවා ප්‍රකාශයක් ලබාගෙන තිබුණා.

වට්සැප් සම්බන්ධව එම සංගමය සිදු කළ නිවේදනය පහළින්,

RECENT ARTICLES - SINHALA

කැබ් රථ අනතුරින් හමුදා සෙබලෙක් මරුට. 9කට තුවාල

මාන්කුලම් - වසන්තනගර් හන්දියේදී මාන්කුලම් දෙස සිට කිළිනොච්චිය දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ඉදිරියෙන් ගමන් ගත් යුද හමුදා සෙබලුන් රැගත් කැබ් රථයක ගැටී...

රනිල් හදිසියේ ආණ්ඩු පක්ෂයේ හමුවක් කැඳවලා

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඊයේ (25) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ්...

පළාත් පාලන ආයතනවල සේවක පත්වීම් ගැන තීරණයක්

පළාත් පාලන ආයතනවල සිටින සේවකයින් සඳහා ස්ථීර පත්වීම් ලබාදීම සඳහා රජයේ අවධානය යොමුව තිබෙනවා. පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...