28.2 C
Colombo
Saturday, April 27, 2024

මම රටේ ජනාධිපති වුණේ ඔබ වහන්සේ දුන්න අවවාද නිසා…!

- Advertisement -

තමන්ට ජනාධිපති වීමට හැකි වූයේ ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ගේ අවවාද නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (07) දින ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නා හිමියන් බැහැදුටු අවස්ථාවේදීයි.

“මං මෙතන රටේ ජනාධිපති හැටියට, මෙතෙනට එන්න පුළුවන් වුණේ ඔබ වහන්සේ දුන්න අවවාද නිසා. නැත්තම් මං මෙතැන්ට එන්න වෙන්නේ රනිල් වික්‍රමසිංහ හැටියට. අගමැති තනතුර ගන්නාවාද නැද්ද හිටපු අවස්ථාවේ ඔබවහන්සේ කිව්වා, අනික් ඒවා පැත්තකට දාලා රට ගැන හිතලා භාරගන්න කියලා. එතැනින් තමයි මේ ගමන ආරම්භ වුණේ. අගමැති හැටියට මගේ යුතුකම තිබ්බේ ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියා කරන්න. එදා රෑ මට කොච්චර පුද්ගලික හානි වුණත් මගේ පළවෙනි යුතුකම වුණේ අගමැති හැටියට මම දුන්න දිවුරුමත් අනුව මේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. මට අවස්ථාව ලැබුණා ඒ අමාරු දවස් කිහිපය තුළදී ඒ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. මොකද මම මේක අත ඇරලා ගියා නම් රටේ විශාල අවුලක් ඇතිවෙනවා. පුද්ගලික හානි පසුව විසඳිය හැකියි. රටට හානියක් වුණොත් ඒක විසඳන්න බැහැ.

අපි මතක තියා ගන්න ඕනේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ජනතාවම ක්‍රියාකරන්නේ පාර්ලිමේන්තුව තුළයි. ජනාධිපතිතුමායි, අධිකරණය තුළයි. ගල් ගහලා ක්‍රියා කරන්නේ නැහැ. ගෙවල් පුච්චලා ක්‍රියා කරන්නේ නැහැ.විශේෂයෙන් ජනතාවට තර්ජනය කරලා විසඳන්න බැහැ. රටේ නීතිය සාමය ආරක්ෂා කරන්න ඕනේ. දැන් අපි යන්නේ අමාරු කාලයක. අපි සියලුදෙනාම එකතු වෙලා වැඩ කරනවානම් මේ රට ගොඩගන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒකයි දැන් සර්ව පාක්ෂික පාලනයක් ඇති කරන්න ක්‍රියා කරන්නේ.”

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...