තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස පත් වූ දා පටන් කිසිදු වංචාවක් සිදු නොකළ බව බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
එසේ තමන් වංචාවක් සිදුකර ඇත්නම් ඕනෑම කෙනෙකුට එය හෙළි කරන ලෙස අභියෝග කරන බව ඔහු සඳහන් කළා.
සිරිමාවෝ බණ්ඩාරනායක 108 වැනි ජන්ම දින සැමරුමට එක්වෙමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළා.
සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රතිමාව දෙස බලාගෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හැටියට අපට වෙනත් දේශපාලන පක්ෂ සමඟ සම්බන්ධ වීමට හැකිද යන්න ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.