27 C
Colombo
Friday, May 3, 2024

19න් පහළ ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2024 තරග කාලසටහන

- Advertisement -

2024 දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සටහන ලෝක ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත්කර තිබෙනවා.

15 වැනි වරටත් පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 16ක් කාණ්ඩ 4ක් යටතේ තරග වදින අතර එම තරගාවලිය 2024 ජනවාරි 13 වනදා සිට පෙබරවාරි 04 වනදා දක්වා පැවැත්වෙනවා.

මෙම තරගාවලියේදී සත්කාරකත්වය දරන ශ්‍රී ලංකා කණ්ඩායම C කාණ්ඩය යටතේ තරගවදින අතර එම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් වන්නේ ඔස්ට්‍රේලියාව, සිම්බාබ්වේ සහ නැමීබියාවයි.

එක් එක් කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 3 ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබන අතර එම කණ්ඩායම් 12 අනතුරුව කණ්ඩායම් 6 බැගින් කාණ්ඩ දෙකකට බෙදෙන අතර එහිදී A සහ B කාණ්ඩ වල කණ්ඩායම් 6 එක කොටසකටත් C සහ D කණ්ඩායම් අනෙක් කොටසටත් එක්කරනු ලබනවා.

එහිදී එක් කණ්ඩායමක් එක කොටසක තරග දෙකකට බැගින් තරග කරනු ලබන අතර එම සුපිරි වටයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4 අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනවා.

මෙම තරගාවලිය සඳහා කොළඹ ක්‍රීඩාංගණ පහක් සූදානම් කෙරෙන අතර අවසන් මහා තරගය පෙබරවාරි 4 වන දා ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...