32 C
Colombo
Monday, April 29, 2024

ICCයෙන් කුමාර් ධර්මසේන ගැන ගත් තීරණය

- Advertisement -

ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියාවේ දී ආරම්භ වන පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන කුසලාන -2023 තරගාවලියේ තරග සඳහා විනිසුරුවන් සහ තීරකවරුන් නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගෙන තිබෙනවා.

ICC විනිසුරුවන්ගේ Emirates Elite Panel හි 12 දෙනා සහ ICC නැගී එන විනිසුරු මණ්ඩලයේ සාමාජිකයින් හතර දෙනා ඇතුළුව තරඟ තීරකයින් 16 දෙනෙකු තරඟාවලියේ විනිශ්චය කටයුතු සිදු කිරීමට නියමිතයි.

එම තරඟ තීරකයින් වන්නේ ක්‍රිස් බ්‍රවුන්, කුමාර් ධර්මසේන, Marais Erasmus, Chris Gaffaney,මයිකල් ගෝෆ්, ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක්, රිචඩ් ඉලින්වර්ත්, රිචඩ් කෙට්ල්බරෝ, නිතින් මෙනන්, අහ්සන් රාසා, පෝල් රීෆල්, ෂර්ෆුද්දූලා ඉබ්නේ ෂයිඩ්, Rod Tucker, ඇලෙක්ස් වෝර්ෆ්, ජොයෙල් විල්සන් සහ පෝල් විල්සන්.

පළපුරුදු විනිසුරුවන්ගේ ලැයිස්තුවට ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන 2019 අවසන් මහා තරගය සඳහා ලෝඩ්ස් හි දී පත් කරන ලද විනිසුරුවන් හතර දෙනාගෙන් තිදෙනෙකු ඇතුළත් වන බවයි සදහන් වන්නේ.

එනම් කුමාර් ධර්මසේන, Marais Erasmus සහ Rod Tucker වන අතර මෙම වසරේ මාර්තු මාසයේදී එලයිට් පැනලයෙන් ඉවත් වූ අලීම් ඩාර් පමණක් මෙම නාම ලේඛනයට ඇතුළත් නොවෙන බවද සඳහන්.

එමිරේට්ස් ICC තරඟ තීරකවරුන්ගේ ප්‍රභූ මණ්ඩලය නියෝජනය කරන්නේ හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් වන ජෙෆ් ක්‍රෝව්, ඇන්ඩි පයික්‍රොෆ්ට්, රිචී රිචඩ්සන් සහ ජාවගල් ශ්‍රීනාත් විසින්.

අවසන් වටයේ තරගාවලියේ මුලික තරගය වන එංගලන්තය සහ නවසීලන්තය අතර ඔක්තෝබර් 5 වැනිදා අහමදාබාද්හ දී පැවැත්වෙනවා්‍

එම තරගයේ වගකීම ජාවගල් ශ්‍රීනාත් විසින් දරන බවයි වාර්තා වන්නේ.

එහි ස්ථාවර විනිසුරුවරුන් ලෙස නිතින් මෙනන් සහ කුමාර් ධර්මසේනකටයුතු කරන අතර පෝල් විල්සන් රූපවාහිනී විනිසුරුවරයා ලෙසත් සයිකට් සිවුවැනි විනිසුරු ලෙසත් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී කටයුතු කරනවා.

RECENT ARTICLES - SINHALA

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...