සුපිරි වෙළඳසැල් ඇතුළු අනෙකුත් ව්‍යාපාරික ස්ථානවල අදාළ පූර්ණ ධාරිතාවයෙන් සියයට 25 ඉක්මවා ඇති බව යම් අවස්ථාවක හැඟී ගියහොත් අදාල ව්‍යාපාරික ස්ථානයේ, කාර්යාලයේ ප්‍රධානීන්ට මෙන්ම අතිරේකව රැඳී සිටින්නන්ට නිරෝධායන නීති අනුව නඩු පැවරීම සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
ඒ අද (11) පැවති සංචරණ සීමා සම්බන්ධයෙන් සහ ප්‍රවාහන කටයුතු පිළිබඳව වැඩිදුර කරුණු පැහැදිලි කෙරෙන මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්.
එමෙන්ම, අද දින මධ්‍යම රාත්‍රී 12 සිට සංචාරණ සීමා පැනවෙන්නේ අත්‍යාවශ්‍ය ගමන් හැර විනෝද ගමන් සහ වෙනත් ගමනා ගමනය වැලක්වීමට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැහැදිළි කර සිටියා.