32 C
Colombo
Friday, March 31, 2023

ජනපතිට රට නිසි ලෙස පාලනය කිරීමට අවශ්‍යනම් පී.බී.ජයසුන්දරව ඉවත් කළ යුතුයි..!

- Advertisement -

රට නිසි ලෙස ගෙන යාමට අවශ්‍යතාවයක් ඇත්තේ නම් පළමුව වෙනස් කළ යුත්තේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා බව බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, නාරාහේන්පිට අභයාරාමාධිපති, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

උන්වහන්සේ මෙසේ පැවැසුවේ, පසුගියදා නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

අද රටේ ප්‍රශ්ණ පිළිබඳව ඉතා කණගාටුවෙන් හා වේදනාවෙන් කතා කිරීමට සිදු වී ඇති බවත් රට අද ආණ්ඩුවක් නැති අරාජික බව පෙනී යන බවත් සඳහන් කළ උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිටින තෙක් මේ රටේ පාලනය නිසිලෙස ගෙන යාමට කිසිවෙකුටත් හැකි නොවන බවයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට නිසියාකාරව රජය පවත්වාගෙනයාමට අවශ්‍යකම ඇති නමුත් අවසානයේ ක්‍රියාත්මක වන්නේ පී.බී. ජයසුන්දර මහතාගේ මතය බවත් ඔහුගේ උපදෙස් මත මේ රට ඉදිරියට ගෙනයා නොහැකි බවත් උන්වහන්සේ අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...