29 C
Colombo
Friday, June 2, 2023

එන්නත් කාඩ්පත නැතිව පොදු ස්ථානවලට එන්න තහනම වයස 30ට වැඩි අයට විතරයි

- Advertisement -

පොදු ස්ථානවලට පිවිසීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය වන්නේ අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට පමණක් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

සැප්තැම්බර් 15 දා සිට මෙම නීතිය ක්‍රියාත්මක වන බවත් ඉන් පසු පොදු ස්ථානවලට ජනතාවට පැමිණීමේදී ඔවුන්ගේ එන්නත් කාඩ්පත පරීක්ෂා කරන බවත් යුද හමුදාපතිවරයා අවධාරණය කරනවා.

මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් පළාත් අතර සංචරණ පුද්ගලයින් පරීක්ෂා කිරීමට පොලීසියට සහාය දැක්විම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ වන විට බස්නාහිරට ඇතුළුවන හා පිටවන සියලු ස්ථාන ආවරණය කරමින් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ඔහු පවසන්නේ.

කොවිඩ් ව්‍යාප්තියේ සීඝ්‍ර වැඩිවීමෙක් පවතින හෙයින් සංචරණ සීමාවලට අනුගතව කටයුතු කරන ලෙසත් පළාත් අතර සංචරණය කළ හැක්කේ අත්‍යාවශ්‍ය සේවා වල පුද්ගලයින්ට පමණක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.


RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...