මෙරට ස්වභාවික රා අලෙවි නොවන බවත් මෙරට අලෙවි වෙමින් පවතින්නේ වලේ රා නැමැති අතිශයෙන් වස විස සහිත කෘතිම රා වර්ගයක් බවත් ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පවසනවා.
ඔවුන් පවසන්නේ එය පානය කිරීමෙන් වකුගඩු ආබාධ, හෘදයාබාධ, පිළිකා ඇතුළු රෝග ගණනාවක් ඇති විය හැකි බවයි.
ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍යක් ක්‍රියාත්මක වෙමින් තිබියදී මෙවැනි නීති විරෝධී මත්පැන් පානය කිරීම හේතුවෙන් රෝගී වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජයට අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බව ද එම සංගමයේ නිලධාරීන් පෙන්වා දෙනවා.
සුරාබදු අලෙවියෙන් රුපියල් බිලියන 170 ක වාර්ෂික ආදායමක් රජය බලාපොරොත්තු වුවද ඒ තුළ ඇති දූෂණ වංචා බැහැර කොට නිසි නියාමනයක් ඇති කළහොත් රුපියල් බිලියන 300 ක වාර්ෂික ආදායමක් ලැබිය හැකි බවත් ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ධාරින්ගේ සංගමය සඳහන් කළා.
ඒ සඳහා ඔවුන් සතුව නිසි මාර්ගෝපදේශ ඇති බව ඊයේ (24) මහනුවර දී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අවධාරණය කළා.