32 C
Colombo
Monday, April 29, 2024

ආනයනය කළ බිත්තර තවමත් රේගුවේ – ඇමැති නලින් ප්‍රනාන්දු

- Advertisement -

බිත්තරවල ප්‍රමිතිය හා සෞඛ්‍යාරක්‍ෂිත බව සහතික කරමින් ඉන්දියාවේ සමාගමකින් බිත්තර ලක්‍ෂ 20 ක් ආනයනය කර ඇතත් ඒවා මුදාහැරීමට ප්‍රමාද කිරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කල්ගනිමින් සිටින බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

රටේ පවතින බිත්තර මිල පාලනය කිරීමට බිත්තර ආනයනය කළ බවත් ආනයනය කළ එම බිත්තර බේකරි නිෂ්පාදන සඳහා පමණක් නිදහස් කර ගැනීමට උත්සාහ කළත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා බිත්තර රේගුවේ පවතින බවයි ඇමැතිවරයා කියා සිටින්නේ.

ඉන්දියාවෙන් අල, ලූනු ඇතුළු අනෙකුත් ආහාර ද්‍රව්‍ය ගෙන්වන බවත් එම ආහාර සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීමට මේ ආකාරයෙන් සිදුනොකරන බව පවසනවා.

මේ වන විට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බිත්තර සාම්පල් ගෙන පරීක්‍ෂා කිරීම් සිදුකරන බවත් එහි වාර්තා මේ සතිය මැද වන විට ලැබෙනු ඇතැයි තමා අපේක්‍ෂා කරන බවත් සඳහන් කළා.

කැබිනට් මණ්ඩලය ආහාර සුරක්‍ෂිතතා අනුකමිටුව ඇතුළු සියලු ස්ථානවලින් අවසර ගෙන බිත්තර ආනයනය කිරීමට කටයුතු කළත් බිත්තර තවදුරටත් රේගුවේ තබා ගැනීමට සිදුවීම ජනතාවට කරන අසාධාරණයක් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...