පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර්ගේ නම යෝජනා කළ බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.
සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති කණ්ඩායම් රැස්වීමේදී තමන් එම යෝජනාව සිදුකළ බවයි හර්ෂණ රාජකරුණා පවසන්නේ.
නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ඉමිතියාස් බාකිර් මාකර් පත් කිරීම සම්බන්ධයෙන් කණ්ඩායම් රැස්වීමේදී කිසිවකුත් විරෝධය පළ නොකළ බවත් ඔහු පවසනවා.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර ඉමිතියාස් බාකීර් මාකාර් එකගනම් පමණක් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බවත් හර්ෂණ රාජකරුණා මහතා තවදුරටත් පවසනවා.