25 C
Colombo
Saturday, January 18, 2025

අනුර සජිත්ගේ ෆයිල් එලියට දායි – බිලියන 03ක දූෂණයක්..!

- Advertisement -

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සම්බන්ධ දූෂණ වල ලිපිගොණු ද තමන් සතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ, අද (03) දින පදනම් ආයතනයේදී පැවැත්වෙන ‘රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව’ නම් විශේෂ මාධ්‍ය හමුව අමතමින්.

” අර මාවනැල්ලෙදි එක්කෙනෙක් කිව්වනේ හොරු අල්ලනවා කියලා. වර්තමාන විපක්ෂනායකතුමා. ඉතින් එයාගෙ ෆයිල් වගේකුත් තියෙනවා. එයාගෙ කිරිඇල්ලගේ, රාජිතගේ. ඒවා තියෙනවා මේකේ. ඒ නිසා මේ වංචාවට දූෂණයට එරෙහි අරගලයත් කොල්ලකන්න ඉඩ දෙන්න එපා.”

සංස්කෘතික අරමුදලේ මුදල් වංචාවට අදාල වාර්තාව පසුගිය දිනක අග්‍රාමාත්‍යවරයා වෙත ලද බවත්, බිලියන 3ක මුදලක් අනවසරයෙන් වියදම් කර ඇති බව එම වාර්තාවේ සඳහන් බවත් අනුර දිසානායක පවසනවා.

“සංස්කෘතික අරමුදලේ නිලබලයෙන් සභාපතිවරයා වෙන්නේ අග්‍රාමාත්‍යවරයා. ඒ කියන්නේ එවකට රනිල් වික්‍රමසිංහ. එතකොට ජනාධිපති ඡන්දය ආසන්නයේ හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් අරගෙන අර පරණ වියදම් අනුමත කරගන්න හදනවා. ඒත් ඒකට රනිල් අත්සන් කරන්නේ නෑ. සභාපතිවරයා අත්සන් නොකළොත් ඒක වලංගු නෑ. ඒ නිසා කිසිඳු විධිමත් මුදල් නිදහස් කරගැනීමකින් තොරව රුපියල් බිලියන 3ක් සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදලෙන් විනාශ කළ බවට ෆයිල් එක තියෙනවා මෙතන.”


RECENT ARTICLES - SINHALA

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...

දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම් දීමක්

දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා...

POPULAR ARTICLES

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය,  ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර තිබෙනවා. සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊශ්‍රායල...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...