වෘත්තීය සමිති සහ බහුජන සංවිධානවල සහයෙන් එළඹෙන 06 වැනිදා පැවැත්වීමට නියමිත හර්තාලයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් සහය දීමට තීරණය කර තිබෙනවා.
ඒ, අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
සාමකාමී ඕනෑම අරගලයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොන්දේසි විරහිතව සහය දෙන අතර එහි පරමාර්ථය දුෂණ පාලනය ක්‍රමය අවසාන කිරීම බවයි එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ.
ඒ අනුව, රෝගී සත්කාර සේවා සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යමින් ඊට සහය දීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කර සිටිනවා.
දූෂිත පාලකයන් පත්වෙන ක්‍රමවේදය අවසන් කිරීම සඳහා ගනු ලබන ඕනෑම අරගලයකට ඉදිරියේදීත් සහය දීමටටයි එම වෘත්තීය සමිතිය තීරණය කර ඇත්තේ.