29.4 C
Colombo
Friday, April 26, 2024

චීන සමාගම් සිම්බාව්වේ රාජ්‍යයේ ශ්‍රමය සූරා කෑමේ යෙදෙන බවට චෝදනා

- Advertisement -

චීන ආයෝජන සමාගම් සිම්බාව්වේ රාජ්‍යයේ ජනතාවගේ ශ්‍රමය සූරා කන බවට එරට ප්‍රධාන පුවත්පතක් වන ද සිම්බාව්වේවියන් ඩේලි පුවත්පත වාර්තා කර තිබේ.

එහි දැක්වෙන්නේ මෙම චීන ආයෝජන සමාගම් විසින් ශ්‍රමිකයන් අයථා ලෙස සේවයේ යෙදවීම මෙන්ම මානව, ප්‍රජා සහ පාරිසරික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ නිරතව සිටින බවයි.

මේ පිළිබද තවත් අනාවරණයක් සිදුකළ බ්‍රිතාන්‍යයේ ද ගාඩියන් පුවත්පත වාර්තා කරන්නේ සිම්බාව්වේහි චීන වැඩබිම්වල සේවකයන්ට දිනකට පැය 14 බැගින් සතියේ දින 07 ම දිනකට ඩොලර් 04 ක් වැනි සුලු මුදලකට සේවය කිරීමට සිදුව ඇති බවයි.

ඇතැම් අවස්ථාවලදී මෙම සේවකයන් පහරකෑම්වලට පවා ලක්වන බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් ප්‍රතිචාරයක් නොලැබෙන බවත් අදාළ වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

මේ අතර චීනය විසින් මෙම ‍ප්‍රවෘත්ති ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පවසන්නේ මේ සියල්ල ඇමරිකාව ඇතුළු බටහිර රටවල් විසින් ගෙන යන කුමන්ත්‍රණකාරී දුස්තොරතුරු පැතිරවීමක් බවයි.

RECENT ARTICLES - SINHALA

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...