ඛනිජ තෙල් ආනයනය කිරීම ඇතුළු ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පැවති ඒකාධිකාරී බලය විදේශ සමාගම් දෙකකට ලබාදීමට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කොළොන්නාව ඛනිජ තෙල් පර්යන්ත පරිශ්‍රය ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහ ව්‍යාපාරය අත්හිටුවීමට තීරණ කර තිබෙනවා.
ඊයේ (27) උදෑසන සිට ඛනිජ තෙල් සේවකයින් ආරම්භ කළ සත්‍යග්‍රහයට බලධාරින් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් අද (28) පස්වරු 2.00 වන විට සත්‍යග්‍රහය අවසන් කර හදිසි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට වෘත්තීය සමිති කටයුතු කර තිබුණා.
ඉන්ධන බෙදා හැරීමට බාධා කරන සහ අනෙකුත් සේවකයින්ගේ වැඩකටයුතුවලට බාධා කරන හෝ අත්‍යාවශ්‍ය සේවා නියෝග කඩ කරමින් ක්‍රියා කරන සේවකයින්ට හෝ වෘත්තිය සමිති ක්‍රියාකාරීන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
අමාත්‍යවරයා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජතෙල් තොග පර්යන්ත ගබඩාවේ සභාපතිවරයාට උපදෙස් දී තිබෙන්නේ අදාල විනය ක්‍රියාමාර්ග කඩ කරන අයවලුන්ව රැකියාවෙන් නෙරපා හැරීම පිළිබඳව සලකා බැලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.