28.2 C
Colombo
Saturday, April 27, 2024

වසර හෑත්තෑ හතරකට පෙර ඇවිලීගිය කාශ්මිර යුද්ධයේ නොමැකෙන සලකුණු

- Advertisement -

කාශ්මීර දේශසීමාව පදනම් කරගෙන ඉන්දියාව සහ පකිස්තානය අතර පවතින දේශසීමා අර්බුදය සැළකෙන්නේ ලොව දීර්ඝතම සහ උණුසුම්ම දේශසීමා අර්බුදයක් ලෙසිනි. මෙම දේශසීමා අර්බුදය හටගැනීමට අදාළ මූලික සිදුවීම වන පකිස්තානයේ සිට පැමිණි ග්‍රෝතික පතන්වරැ කාශ්මීරය ආක්‍රමණය කර ඔක්තෝබර් 22 වනදාට වසර 74 ක් සම්පූර්ණ වේ. මේ ඒ පිළිබද විමර්ශනයකි.

ජම්මු සහ කාශ්මීරයේ ඉතිහාසය


ඉන්දියාව , 1947 අගෝස්තු 15 වනදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ගැනීමට පෙර ජම්මු සහ කාශ්මීරය යනුවෙන් පැවතියේ, බ්‍රිතාන්‍යයන්ට අවනතව එහෙත් ස්වාධීනව බ්‍රිතාන්‍ය ඉන්දියාව තුළ පැවති කුමාර රාජධානී 565න් එකකි. නිදහස ලබාදීමේදී සිදුවූ බ්‍රිතාන්‍ය ඉන්දියාව බෙදා වෙන් කිරීමේ ක්‍රියාවලියේදී පකිස්තානය ලෙස වෙනම රටක් ඇති කරනු ලැබූ අතර එය නැගෙනහිර පකිස්තානය (වත්මන් පකිස්තානය) සහ බටහිර පකිස්තානය (වත්මන් බංගලිදේශය) ලෙස කොටස් දෙකකින් යුතු විය. කුමාර රාජධානිවලින් වැඩි කොටසක් ඉන්දියාව තුළ පැවති අතර මෙම කුමාර රාජධානිවලට ස්වාධීනව සිටීමට හෝ ඉන්දියාවේ ආධිපත්‍යයට එවීමට අවස්ථාව ලබා දී තිබිණ. මෙහිදී කාශ්මීරයේ පාලකයා වූ මහාරාජා හරී සිං සිටියේ ඉන්දියානු ආධිපත්‍යයට පිවිසීම හෝ ස්වාධීනව හෝ මධ්‍යස්ථව සිටීමට තෝරා ගැනීම සම්බන්ධයෙන් දෙගිඩියාවකට පත්වය.

පකිස්තානු ආක්‍රමණය


මේ අතරවාරයේ, පකිස්ථානයේ පතාන් ගෝත්‍රික හමුදාව කාශ්මීරය ආක්‍රමණය කිරීමට කටයුතු කළේය. හරියටම වසර 74 කට පෙර එනම් 1947 ඔක්තෝබර් 22 වනදා සිදූ මෙම ආක්‍රමණය සියසින් දුටු පුද්ගලයන් අතට ද කාශ්මීරයේ ජීවත් වේ.
මුෂාෆර්බාද්හි වැසියෙකු වන මොහොමඩ් හසන් කුරේෂිට එදා සිදුවූ දේ අදටද නිවැරදිව මතකයක් ඇති අයෙකි.
“පතන්වරැ පැමිණීමට සතියකට පමණ පෙර ,කටකතාවක් පැතිර ගියා කාශ්මීරයේ ඉන්න සීක්වරැ මුෂාෆර්බාද්වලට පහර දෙන්න හදනව කියල,ඒත් දින,කිහිපයකට පස්සෙ පතන්වරැ පැමිණියා ” ඔහු සදහන් කළේය.
එදා ඔක්තෝබර් 21 වනදා සැන්දෑවේ සිදුවූ දේ පිළිබදව මොහොමඩි හසන් කුරේෂි මෙලෙස සිහිපත් කරයි.
“බටහිර තැනිතලාව දිහා බලන්න හිතාන අපි කදු මුදුනකට නැග්ගා,අපි දැක්ක කදු අතරින් පතන්වරැ රැගත් ට්‍රක් රථ එනවා, සිය ගණනක පිරිසක් පාන්දරම පැමිණියා.කඩු, පොරව,ඇතුළු ආයුද අරන් ඔවුන් එද්දි කාශ්මීරයේ මුරකපොල්ලෙ හිටිය මහරාජාගේ මුරභටයො අතුරැදන්වෙලා හිටියා”

මේ අන්දමට මුෂාෆර්බාද්වලට කඩා වැදුණු පතාන් ගෝත්‍රිකයන් 2000 ක් පමණ වූ පිරිස විසින් මහරාජා හරිසිංගේ කාශ්මීර ප්‍රාන්ත හමුදාව පහසුවෙන් විසුරුවා හරිනු ලැබිණ. මේ ජයග්‍රහණයෙන් මහත් උද්දාමයට පත් පතාන් ගෝත්‍රිකයෝ කොල්ලකෑම් සහ ගිනි තැබීම් සිදුකරමින් මහත් විනාශයක් කළහ. කාශ්මීර රාජ්‍ය අවි ගබඩාව කොල්ලකෑ ආක්‍රමණිකයෝ වෙළඳපොල ද ගිනිබත් කර ඒවායේ වූ භාණ්ඩ කොල්ල කෑහ.අරාබි භාෂාවෙන් මුස්ලිම් ඇදහිල්ල ප්‍රකාශ කරන කලිමා කියවීමට නොහැකි වූ සෑම අයෙකුටම වෙඩි තැබූ පතන්වරැ බොහෝ මුස්ලිම් නොවන කාන්තාවන් වහලුන් ලෙස අල්ලාගත් බව ද මේ පිළිබද ලියවුණු සටහන්වල දැක්වේ.
මේ අන්දමට මුෂාෆර්බාද් ජයගත් පතන්වරැ අනතුරැව කාශ්මීරයේ අගනුවර වූ ශ්‍රී නගර් අල්ලා ගැනීම සදහා ගමන් ඇරඹූහ. ඔවුන්ට එල්ල වූ විරෝධය අවම වූ අතර මහරජා හරිසිංගේ හමුදාව ඒ වන විටත් විසිර ගොස් තිබිණ. මුස්ලිම්වරැන් නොවන සියල්ලන් විනාශ කරමින් ඉදිරියට පතන්වරැ ජයග්‍රහණයෙන් ඔද වැඩී සිටියහ.
මහරාජා හරි සිංගේ තීරණය සහ ඉන්දියාවේ පැමිණීම

මේ ආකාරයට පකිස්තානයේ පතන්වරැ කාශ්මීරයේ බලය අල්ලා ගැනීමට එන විට කාශ්මීරයේ මහරාජා වූ හරි සිංට අනුගමනය කළ හැකිව තිබුණේ පියවර තුනකි. එක්කෝ සටන් කළ යුතුය. නොඑසේ නම් යටත් විය යුතුය. එසේත් නැත්තම් ඉන්දියාවේ සහය ඉල්ලා සිටිය යුතුය. ඒ වන විට සටන් කිරීමට ඔහුට ශක්තිය නොතිබූ අතර ඉන්දියාවේ සහය ඉල්ලා සිටීමට මහරාජා කටයුතු කළ අතර ඊට අදාළ ගිවිසුමක් ද අත්සන් කරනු ලැබිණ.
ඒ අනුව ශ්‍රී නගර් බලා ඉදිරියට ඇදෙමින් සිටි පතන්වරැන්ට ඉන්දීය ගුවන් යානා මගින් ‍බෝම්බ හෙළනු ලැබූ අතර ඔක්තෝබර් 26 ත් 30 ත් අතර කාලයේදී ගෝත්‍රික සටන් කරුවන්ට මුහුණදීම සදහා ඉන්දියානු සේනාංක ශ්‍රීනගර් වෙත යොමු කෙරිණ.
මෙහිදී පතන්වරැන්ගේ සහයට ශ්‍රීනගර් වෙත විධිමත් ප්‍රහාරයක් එල්ල කිරීමට පකිස්ථානය උත්සහ කළ ද එය අසාර්ථක වූයේ, තවමත් බෙදී නොසිටි ඉන්දියාවේ සහ පාකිස්තානයේ මිලිටරි භටයින්ගේ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ අණ දෙන නිලධාරින්ගේ විරෝධය හේතුවෙනි.
මේ අන්දමට ලද පරාජය හමුවේ 1947 නොවැම්බර් අවසානය වන විට පතන්වරැ බොහෝ දුරට ආපසු ගිය අතර ඉන්දියානු හමුදාව කාශ්මීරයේ පුලුල් ප්‍රදේශයක බලය තහවුරැ කර ගත්තේය.මේ සමගම කාශ්මීරය ඉන්දියන් සහ පාකිස්තාන කොටස් අතර බෙදීමේ රේඛාව ස්ථාවර වීමද සිදුවිය.

පකිස්තානයේ භූමිකාව


මෙහිදී කාශ්මීරයේ ආරක්ෂාව ඉන්දියාවට භාරවූ අතර කාශ්මීරයේ පාලනයේ අනාගතය තීරණය කිරීම සඳහා පසුව ජනමත විචාරණයක් පැවැත්වීමට එකගතාවයක් ඇතිවිය.මෙම තීරණය පකිස්තානයේ කෝපයට හේතුවූ අතර ඔවුන් කාශ්මීරයේ බලය අල්ලා ගැනීම සදහා හමුදා මෙහෙයවනු ලැබිණ. එය ඉන්දු පකිස්තාන් යුද්ධයක් දක්වා වර්ධනය වූ අතර අවසානයේ ගැටුම් නතර වූයේ 1949 ජනවාරි 1 දා එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් සටන් විරාම ගිවිසුමකට එළඹීමෙනි. අවසානයේ සිදවූයේ මහාරාජා හරිසිංගේ කාශ්මීර රාජධානියේ උතුරු හා බටහිර කොටස පාකිස්තානය විසින් පාලනය කෙරෙන අසාද් කාශ්මීරය ලෙසටත් අනෙක් කලාපය ඉන්දියාව විසින් පාලනය කෙරෙන ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තය ලෙසත් බෙදී වෙන්වීමය.

වසර 74 කට පෙර සිදුවුවද මේ කෲර ආක්‍රමණය ගැන මතකය තවමත් ලෝකයෙන් තුරන් වී ගොස් නැත. මෑතකදී බීබීසී සේවය පළකර තිබූ වාර්තාවක එම ආක්‍රමණයට සම්බන්ධ වූ පතන්වරයෙකු මෙහිදී සිදූවූ දෑ මෙළස විස්තර කර තිබිණ.
“ආක්‍රමණයට ගිය සමහරු ගවයින් ද තවත් සමහරැ අශ්වයන් ද ගෙන එනු ලැබිණ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අවි ආයුධද බොහෝ දෙනෙක් ස්ත්‍රීන්ද ගෙනාවෝය. එක් පතන්වරයෙකු කාන්තාවන් දෙදෙනෙකු රැගෙන ආ අතර ඔවුහු නොනවත්වා හඩා වැළපුණ ද එය නතර වූයේ නැත.
සැබැවින්ම පකිස්තානයේ ද සහයෙන් පතන්වරැ විසින් කළ මෙම ආක්‍රමණය හේතුවෙන් සාමකාමී කාශ්මීර සමාජය කම්පනයට පත් වූ අතරම , එය ඉන්දියාව සහ පකිස්ථානය අතර සබඳතා සඳහා විනාශකාරී රටාවක් ද සැකසීය.

වර්තමානයේ කාශ්මීරයේ තත්වය දෙස බලන විට පකිස්තානය පාලනය යටතේ වන අසාද් කාශ්මීරයට වඩා මහත් දියුණුවක් ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරය විසින් අත්පත් කර ගෙන ඇති බව පෙනේ. එහෙත්, ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ එම ශක්තිය හීන කිරීම සදහා පකිස්තානයේ සහය ලබන විවිධ ත්‍රස්ත කණ්ඩායම් අනවරත අරගලයක නිරත වෙමින් සිටියි. එසේ වුවද අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ වන වත්මන් ඉන්දීය රජය ඊට ශක්තිමත්ව මුහුණ දෙමින් කාශ්මීරය ශක්තිමත් ස්ථාවර ප්‍රාන්තයක් බවට පත්කරන්නට කටයුතු කරන බව පෙනේ.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...