28.1 C
Colombo
Friday, April 26, 2024

ඉන්දියාව ගෝලීය නවෝත්පාදන දර්ශකයේ පළමු රටවල් 40 අතරට එක්වෙයි

- Advertisement -

ස්විට්සර්ලන්තය පදනම් කරගත් ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) විසින් නිකුත් කරන ලද 2022 වාර්ෂික වාර්තාවේ ගෝලීය නවෝත්පාදන දර්ශක ශ්‍රේණිගත කිරීම්වල සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කරමින් ඉන්දියාව පළමු වරට හොඳම රටවල් 40 අතරට පැමිණ තිබේ.

ඒ අනුව පහළ මැදි ආදායම් කාණ්ඩයේ නවෝත්පාදන ප්‍රමුඛයා ඉන්දියාවයි.

ඉන්දියාව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සේවා අපනයනවලින් සීඝ්‍ර දියුණුවක් අත්පත් කරගෙන ඇත.

ඉන්දියාව සහ තුර්කිය ඇතුළු නැගී එන ආර්ථිකයන් සහිත රටවල් අඛණ්ඩව ශක්තිමත් කාර්ය සාධනයක් පෙන්නුම් කරන අතර, එම රටවල් දෙකම පළමු වරට පළමු 40 දෙනාගේ කාණ්ඩයට ඇතුළු වී තිබේ.

2022 වසරේ ගෝලීය නවෝත්පාදන දර්ශකයේ හි ඉන්දියාව 40 වන ස්ථානය දක්වා ඉහළ ගොස් ඇති අතර තුර්කිය එහි 37 වන ස්ථානයට පත්ව ඇත.

ගෝලීය නවෝත්පාදන දර්ශකයේ ශ්‍රේණිගත කිරීමේදී ඉන්දියාව ස්ථාවර ප්‍රගතියක් ලබා ඇතැයි ඉන් පෙන්නුම් කෙරේ.

ඉන්දියාව ප්‍රථම වරට 2020 වර්ෂයේ දී ගෝලීය නවෝත්පාදන දර්ශකයේ පළමු රටවල් 50 අතරට ඇතුළු වී තිබුණි.

මෙම වසරේදී එම දර්ශකයේ හොඳම රටවල් 40 අතර ස්ථානයක් ලබා ගැනීම ඉන්දියාවේ කැපී පෙනෙන වර්ධනයක් බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

RECENT ARTICLES - SINHALA

අනුර ස්වීඩනයට

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනය වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව...

කූට ලේඛන සකසා යතුරුපැදි අලෙවි කරන ජාවාරමක්

නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද යතුරුපැදි, ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කළ ස්ථාන තුනක් පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් වටලා තිබෙනවා. පොලිසිය...

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර තවත් ඍජු ගුවන් සේවයක්

මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...