28.2 C
Colombo
Saturday, April 27, 2024

මියන්මාරයේ මානුෂීය අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාවේ කනස්සල්ල

- Advertisement -

මියන්මාරයේ පවතින මානුෂීය අර්බුදය පිළිබඳව කනස්සල්ල පළ කරන බවත් එරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඉතා ඉක්මනින්ම යලි ඇතිවනු ඇති වනු ඇති බවටත් ඉන්දියාව මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරයේදී අවධාරණය කර තිබේ..

මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරයේදී මියන්මාරයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රමනී පාණ්ඩේ මේ බව පවසා ඇත.

මියන්මාරයේ පවතින මානුෂීය අර්බුදයේ දරුණුතම පීඩාවට පත්වන්නේ කාන්තාවන් සහ ළමයින් බවත් මියන්මාරයේ ජනතාවගේ දිගුකාලීන මිතුරෙකු ලෙස ඉන්දියාව සංවර්ධන සහ මානුෂීය ආධාර දිගටම සපයන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මියන්මාරයේ ජනතාවගේ ආරක්ෂාව ඉන්දියාවේ ඉහළම ප්‍රමුඛතාවය ලෙස පවතින බව ද හෙතෙම සදහන් කර ඇත.

රැඳවියන් සහ සිරකරුවන් නිදහස් කිරීම, අන්‍යෝන්‍ය සංවාදයකින් ගැටළු නිරාකරණය කිරීම, සියලු ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන් නැවැත්වීම සහ මියන්මාරය ඉක්මනින්ම ප්‍රජාතන්ත්‍රවාදය වෙත නැවත පැමිණීම දැකීමට ඇති උනන්දුව ඉන්දියාව මෙහිදී පෙන්වා දී තිබේ.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...