26.1 C
Colombo
Wednesday, October 4, 2023

ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් ඉන්දියාව සහ කිර්ගීස්තානය අතර සාකච්ඡාවක්

- Advertisement -

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමෙන් අනතුරැව මතුවිය හැකි ආරක්ෂක අභියෝග සම්බන්ධයෙන් ඉන්දියාව සහ කිර්ගීස්තානය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ ඉන්දියාවට පැමිණ සිටින කිර්ගිස්තානයේ ආරක්ෂක කවුන්සිල ලේකම් මාරට් ඉමාන්කුලෝව් සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් අතර දිල්ලියේදී මෙම සාකච්ඡාව පැවති බවයි.

අන්තවාදී තර්ජනවලට එරෙහිව එක්ව කටයුතු කිරීමටත්, ආරක්ෂක සහයෝගීතාව පවත්වාගෙනයාමටත් මෙම සාකච්ඡාවේදී දෙරට අතර එකගතාවයක් ඇතිව තිබේ.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් අනතුරුව කසකස්තානය, තජිකිස්තානය, උස්බෙකිස්තානය, කීර්ගීස්තානය, ටර්ක්මේනිස්තානය යන මධ්‍යම ආසියානු රටවල් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇත.

RECENT ARTICLES - SINHALA

මාතර ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, වැලිගම, මාතර, අකුරැස්ස, වැලිපිටිය, හක්මණ ප්‍රදේශවලට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඉදිරි පැය...

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...