31 C
Colombo
Wednesday, March 29, 2023

තෙල් ටැංකි කතාව ගැන ඉන්දියාව නොසතුටින්

- Advertisement -

ත්‍රිකුණාමල තෙල් ටැංකි සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ජනමාධ්‍යට දැක් වූ අදහස් ගැන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කනස්සල්ලෙන් පසුබව බව විශ්වසනීය ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ඊට හේතු වී ඇත්තේ අදාළ තෙල් ටැංකි මුළුමනින්ම ශ්‍රී ලංකාව සතු වන බවට ප්‍රචාරක මෙහෙයුමක් දියත් වීම බව පැවැසේ.

කෙසේ වෙතත් එම තෙල් ටැංකි සංවර්ධනය හා මෙහෙයුම් කටයුතු දැනට පවතින ද්විපාර්ශ්වීය අවබෝධතා සහ 2017 වසරේ අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම පදනම් කරගනිමින් කිරීමට ඉන්දීය පාර්ශ්වය සූදානම් බව රජයේ ප්‍රකාශකයෙක් ‘නිව්ස් 19’ ට පැවැසීය.

මෙම වැරැදි සන්නිවේදනය සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය බලශක්ති අමාත්‍යවරයා දැනුම්වත් කර ඇත.

ඉන්දියාවටත් ලංකාවටත් එක සේ ප්‍රතිලාභ ලැබෙන මාදිලියක් ගැන ඉන්දීය පාර්ශ්වයේ අවධානය යොමු වී ඇති බවත් ඊට අදාළ නිල සාකච්ඡා කඩිනමින් ආරම්භ වනු ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

RECENT ARTICLES - SINHALA

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...