28.2 C
Colombo
Saturday, April 27, 2024

ඉන්දියාව තැනූ පළමු ගුවන් යානා හාරක නෞකාව එරට නාවික හමුදාව වෙත භාර කෙරේ

- Advertisement -

ඉන්දියාවේ නිපදවන ලද ප්‍රථම ස්වදේශික ගුවන් යානා හාරක නෞකාව, පසුගියදා ඉන්දියානු නාවික හමුදාව වෙත භාර දී තිබේ.

වික්‍රාන්ට් ලෙස නම් කර ඇති නෞකාව සියයට 76ක දේශීය සම්පත් යොදාගෙන ඉදිකර ඇති අතර, ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 20,000 කි.

එය ඉන්දියානු සාගර කලාපයේ නාවික හමුදාවේ පැවැත්ම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ඇති බවත් ලබන මාසයේදී දියත් කෙරෙනු ඇති බවත් පැවසේ.

මෙම ගුවන් යානා ප්‍රවාහක නෞකාව නිෂ්පාදනය කර ඇත්තේ කොචින් ෂිප්යාඩ්ස් ලිමිටඩ් (CSL) විසිනි.

නෞකාව ඉක්මනින් ඉන්දීය නාවික නෞකා (INS) Vikrant ලෙස ඉන්දීය නාවික හමුදාවට පත් කෙරෙනු ඇති බවත් අනතුරුව ඉන්දියානු සාගර කලාපයේ ඉන්දීය නාවික හමුදාවේ පැවැත්ම සැලකිය යුතු ලෙස වැඩි කරනු ඇති බවත් එරට නාවික හමුදාව පවසයි.

නෞකාවේ දිග මීටර් 262 ක් වන අතර එහි රැගෙන යා හැකි සම්පූර්ණ බර ටොන් 45,000 කි.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...